අකුරැස්සේ පිපිරීමට හේතුව රතිඤ්ඤා.

Monday, 22 April 2013 - 12:46

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B7%8F.

අකුරැස්ස නගරයේ පිහිටි සිල්ලර වෙළඳ සැළක් තුළ අද උදෑසන ඇතිවූ පිපිරීමට හේතුව මේ වනවිට අනාවරණය වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වෙළඳ සැල තුළ අක්‍රමවත් ලෙස දැඩි පීඩනයක් යටතේ අසුරා තිබූ රතිඤ්ඤා සහ චීන පටස් ආදිය කිසියම් හේතුවක් නිසා පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ පුහුණුව ලත් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ පරීක්ෂණයකදී මේ බව තහවුරු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම පිපිරීමෙන් වෙළඳ සැලේ සේවකයෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කෙරුණා.  

 

ගිනිකෙළි සහ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර තැබීමේදී සහ අලෙවියට අසුරා තැබීමේදී අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රමවේදයන් පවතින බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් ස්ටැන්ලි දිසානායක ප්‍රකාශ කළා.

 

[MP3]s57603[/MP3]

 
මේ අතර මෝදර වෝල්සන් ප්‍රදේශයේ නිවසක භූමිතෙල් ලිපක් පුපුරා යාමෙන් අද පෙරවරුවේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා. මෝදර පොලීසිය සඳහන් කළේ භූමිතෙල් ලිප දැල්වීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති බවට දැනට සැකකරන බවයි. අනතුරින් මියගිය කාන්තාවගේ වයස අවුරුදු 47 ක්.



පැය 10ට ආසන්න කාලයක්, ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් CIDයෙන් පිටව යයි
Thursday, 09 July 2020 - 20:08

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැය 10ට ආසන්න කාලයක්, ප්‍රකාශයක්... Read More

සහන ජනතාවගේ අතට - සජිත්
Thursday, 09 July 2020 - 19:57

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු තමා විසින්ම ජනතාවගේ අතට සහන ලබාදීම... Read More

මාරවිල කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සාමාජිකයින් 07දෙනෙක් ස්වයං නිරෝධායනයට
Thursday, 09 July 2020 - 19:57

මාරවිල කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සාමාජිකයින් 07දෙනෙක්... Read More