අකුරැස්සේ පිපිරීමට හේතුව රතිඤ්ඤා.

Monday, 22 April 2013 - 12:46

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B7%8F.

අකුරැස්ස නගරයේ පිහිටි සිල්ලර වෙළඳ සැළක් තුළ අද උදෑසන ඇතිවූ පිපිරීමට හේතුව මේ වනවිට අනාවරණය වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වෙළඳ සැල තුළ අක්‍රමවත් ලෙස දැඩි පීඩනයක් යටතේ අසුරා තිබූ රතිඤ්ඤා සහ චීන පටස් ආදිය කිසියම් හේතුවක් නිසා පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ පුහුණුව ලත් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ පරීක්ෂණයකදී මේ බව තහවුරු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම පිපිරීමෙන් වෙළඳ සැලේ සේවකයෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කෙරුණා.  

 

ගිනිකෙළි සහ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර තැබීමේදී සහ අලෙවියට අසුරා තැබීමේදී අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රමවේදයන් පවතින බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් ස්ටැන්ලි දිසානායක ප්‍රකාශ කළා.

 

[MP3]s57603[/MP3]

 
මේ අතර මෝදර වෝල්සන් ප්‍රදේශයේ නිවසක භූමිතෙල් ලිපක් පුපුරා යාමෙන් අද පෙරවරුවේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා. මෝදර පොලීසිය සඳහන් කළේ භූමිතෙල් ලිප දැල්වීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති බවට දැනට සැකකරන බවයි. අනතුරින් මියගිය කාන්තාවගේ වයස අවුරුදු 47 ක්.



ආබාධිත පියා රැගෙන කිලෝමීටර් 1200ක් පා පැදියෙන් ගිය දිරිය දියණිය (වීඩියෝ)
Monday, 25 May 2020 - 16:24

දකුණු ආසියාවේ වැඩිම කොවිඩ් 19 ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තා... Read More

කොරෝනාවලින් බේරෙන්න අනිවාර්ය කරුණු 3ක් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ විශේෂ දැනුම්දීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 16:02

ඇඳිරි නීතිය හෙට සිට ලිහිල් කෙරුණද, මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය... Read More

සමාජ දුරස්ථභාවය නොමැතිව කටයුතු කරන පිරිස් හෙට සිට අත්අඩංගුවට ගැනීමට නියෝග
Monday, 25 May 2020 - 15:49

සමාජ දුරස්ථභාවය නොමැතිව කටයුතු කරන පුද්ගලයින් හෙට සිට අත්අඩංගුවට... Read More