උතුරේ ජන්දෙට මම සූදානම්. - දයා මාස්ටර්.

Monday, 22 April 2013 - 19:16

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%A7+%E0%B6%B8%E0%B6%B8+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.+-+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A.

උතුරේ පළාත් සභා මැතිවරණයටඉදිරිපත්වීම සඳහා දේශපාලන පක්ෂ දෙකකින් තමාට ආරාධනා ලැබී ඇති බව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමා අනිවාර්යෙන්ම උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන බවයි. කෙසේ නමුත් තමන් ඉදිරිපත් වන දේශපාලන පක්ෂය කුමක් ද යන්න තවමත් තීරණය කර නොමැති බව  දයා මාස්ටර් සඳහන් කර සිටියේ. තමා දරණ දේශපාලන ස්ථාවරයට වඩාත් ගැලපෙන දේශපාලන පක්ෂය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත් වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර දයා මාස්ටර්ගේ ඉදිරිපත්වීම සහ උතුරු පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් හිරු  ප්‍රවෘත්ති අංශය දෙමළ ජාතික සන්ධානයෙන් විමසීමක් කළා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා කියා සිටියේ දයා මාස්ටර්ට තම සන්ධානය තුළ නායකයෙකු වීමට සුදුසුකම් නොමැති බවයි.

[MP3]s57628[/MP3]                                           

දයා මාස්ටර් උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය දැන ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන කොටස්කරුවෙකු වන ඊ.පී.ඞී. සංවිධානයේ මහලේකම් ඩග්ලස් දේවානන්දා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළා. නමුත් එය ව්‍යර්ථ වුණේ ඔහුගේ දුරකථනයට නොපැමිණීම හේතුවෙන්.

කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන තම කණ්ඩායම මෙතෙක් අවසන් වශයෙන් තෝරාගෙන නොමැති බවයි. ලබන සති අන්තයේ පක්ෂ නායකවරයා උතුරු පළාතේ සිදුකරන සංචාරයෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය සදහා තම කණ්ඩායම තෝරා ගැනීම සිදුකරන බව එම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී විජයකලා මහේෂ්වරන් සදහන් කළා.



කළු ජාතිකයා ඝාතනයට ඇල්ලූ ඇමරිකානු පොලිසියේ හතරදෙනාට නව චෝදනා
Thursday, 04 June 2020 - 8:16

ඇමරිකානු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ජෝර්ජ් ෆ්ලොයිඩ්... Read More

කොළඹ මහ නගර සභා සීමාවේ අද සිට ඩෙංගු මර්දන මෙහෙයුමක්
Thursday, 04 June 2020 - 8:12

කොළඹ මහ නගර සභා සීමාව තුළ අද සිට දින 4 ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්... Read More

අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය
Thursday, 04 June 2020 - 8:01

අද සහ පොසොන් පොහොය යෙදෙන හෙට දිනයේදී දිවයින පුරා ඇඳිරි නීතිය... Read More