ජේම්ස් පැකර්ගේ ඉලක්කය ඉන්දියානු ධන කුවේරයන්.

Monday, 22 April 2013 - 19:56

%E0%B6%A2%E0%B7%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A.

කැසිනෝ ඇතුළු විනෝදාස්වාද කර්මාන්තයේ දැවැන්තයෙකු වන  ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් නියත වශයෙන්ම ශ්‍රී ලංකාවේ දැවැන්ත ආයෝජනයකට සැරසෙන බව එරට පළ වන ද ඒජ් පුවත්පත අද (22) අනාවරණය කළා. පසුගිය සති 6ක කාලය තුළ ඔහු තුන් වරක්ම ශ්‍රී ලංකාවට පැමිණීම ඊට සාක්ෂියක් බවයි ඒජ් පුවත්පත පෙන්වා දෙන්නේ. ජේම්ස් පැකර් සිය ක්‍රවුන් හෝටල් සමූහයේ නිකේතනයක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් ඩොලර් මලියන 350ක් පමණ වැය කරනු ඇතැයි සදහන්. එය 2016 වසර වන විට විවෘත කිරීමට අපේක්ෂිත බවයි මෙරට වාර්තා ප්‍රකාශ කළේ.

ජේම්ස් පැකර් මෙරට කැසිනෝ පුරවරයක් ඉදිකිරීමට සැරසෙන්නේ විශේෂයෙන් ඉන්දියානු ධන කුවේරයන් ඉලක්ක කරගෙන බව ඒජ් පුවත්පත පවසනවා. විදේශිකයන්ට ඉන්දියාවේ කැසිනෝ සඳහා අවසර ලැබෙන්නේ ගෝව සහ සිකීම් ප්‍රාන්තවල පමණයි. අනෙකුත් ප්‍රාන්තවල කැසිනෝ හල් ආරම්භ කිරීමට ජාත්‍යන්තර ආයතන කළ අයැදුම් ප්‍රතික්ෂේප වී තිබෙනවා. මේ හේතුවෙන් ඉන්දියාවේ ධන කුවේරයන්ට පැය 3ක් හෝ 4ක කාලයකින් ශ්‍රී ලංකාවට පැමිණ කැසිනෝ ක්‍රීඩාවේ නිරතවීම සඳහා අවස්ථාවක් ලබාදීම ජේම්ස් පැකර්ගේ අරමුණ බව සදහන්. ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් සමූහය පමණක් නොව ෂෙල්ඩන් ඇඩල්සන්ගේ ලාස් - වේගාස් - සෑන්ඞ්ස් ඇතුළු තවත් ජාත්‍යන්තර කැසිනෝ ව්‍යාපාරිකයන් රැසක් ශ්‍රී ලංකාව පිළිබද උනන්දුවක් දක්වන බව ද ඒජ් හෙළි කළා.



කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More