සිසිලියේ දී බිරිදට ගිනි තැබූ ශ්‍රී ලාංකිකයෙකු ගැන පරීක්ෂණ.

Tuesday, 23 April 2013 - 7:48

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.

ඉතාලියට අයත් සිසිලි දිවයිනේ කැටනියා හි පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක් පිළිස්සී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන තවත් ශ්‍රී ලාංකිකයෙකු පිළිබද සැකය මතු වී ඇතැයි ඉතාලි පුවත්පතක් වාර්තා කළා. පසුගිය සති අන්තයේ සිදුවූ මෙම සිද්ධියේ දී මිය ගොස් ඇත්තේ මධුරි වර්ණකුල නැමැති 42 හැවිරිදි කාන්තාවක්. ඇගේ සැමියා වන 45 හැවිරිදි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයෙකුටයි ඒ පිළිබද චෝදනා එල්ල වී ඇත්තේ. ගින්න පිළිබඳව සොයා බැලීමට සිසිලි පොලීසිය එහි පැමිණි අවස්ථාවේදී මොහු ද දැඩි පිළිස්සුම් තුවාල ලබා ඇති සිටි බව සදහන්. ඔහුගේ බිරිද මිය ගොස් සිටි අතර ඇගේ ගෙලේ තොණ්ඩුවක් ද තිබූ බවයි සිසිලියේ පළ වන ලා - සිසිලියා පුවත්පත වාර්තා කළේ.
 
මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මොහු සිය බිරිද ඝාතනය කොට සාක්ෂි වසන් කිරීම සඳහා නිවහනට ගිනි තැබූ බවයි. පසුව එය පාලනය කර ගත නොහැකිව ඔහු ද බරපතල තුවාල ලබා තිබෙනවා. මේ අවස්ථාවේදී ආගමික පන්තියකට සහභාගිවීම සඳහා ගොස් සිටි මොවුන්ගේ 8 හැවිරිදි ළමයාගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබෙනවා. මොවුන් පසුගිය කාලයේ දී සිය නිවස තුළ ආරවුල්වලට පැටළුණු බව අසල්වාසීන් ප්‍රකාශ කළේ යැයි ඉතාලි පුවත්පත් වාර්තාවේ සදහන්.



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More