ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්.

Tuesday, 23 April 2013 - 8:01

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


 
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය ධීවරයන් සම්බන්ධයෙන් මානුෂීය අන්දමින් කටයුතු කරන ලෙස ඉන්දියාව ලක් රජය වෙතින් නිළ වශයෙන් ඉල්ලීමක් කර ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ඒ.එකේ. ඇන්තනී ලෝක් සභාවේදී ඊයේ (22) ප්‍රකාශ කළා. මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරන ඉන්දීය ධීවරයන් සම්බන්ධයෙන් ලෝක් සභාව වෙත ඔහු විසින් වාර්තාවක් ද ගොනු කළා. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා එහිදී කියා සිටියේ මේ වසරේ අප්‍රේල් මාසය දක්වා ඉන්දීය ධීවරයන් 125 දෙනෙකු ශ්‍රී ලංකා බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි. කෙසේ නමුත් මුහුදු සීමාව උල්ලංගණය කරන ඉන්දීය ධීවරයන් සම්බන්ධයෙන් ඉන්දීය රජය ලක් රජය සමග කිසියම් එකඟතාවකින් සිටින බවයි ඔහු සඳහන් කළේ. එහිදී ශ්‍රී ලංකා වෙරළ තීරයේ සංවේදී ප්‍රදේශවලට ඉන්දීය ධීවරයන් ඇතුළුවීම අනුමත කළ නොහැකි බව ද ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කළා. පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය ධීවරයන් නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරතවීම වැළැක්වීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බලකායේ නෞකා යොදවා තිබෙනවා. කෙසේ නමුත්, ඉන්දීය සාගරයේ මුහුදු කොල්ල ඉහළ ගොස් ඇති බවට පළ වන වාර්තා ඔහු ප්‍රතික්ෂේප කළා.



හිරු පුවතින් පසු මොණරාගල වට්ටක්කා ගොවීන්ට විසඳුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:26

දැඩි අසීරුතාවයකට පත්ව සිටි මොණරාගල ප්‍ර දේශයේ වට්ටක්කා ගොවීන්ගේ... Read More

පොහොර හිඟයට විසඳුම් ඉල්ලා ගොවීන් විරෝධතාවක (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:22

ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබුණත් මේ දිනවල පවතින පොහොර හිඟය... Read More

වසර 8ක් තිස්සේ ඵලක් නොමැති ජල යෝජනා ක්‍රමයක් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:19

කුරුණෑගල මාවතගම මැතිවරණ කොට්ඨාසයට අයත් විශාලතම වැව වන නාරම්ගොඩ... Read More