උල්කාශ්ම ගැන සංවාදයකට බකිංහැම් සරසවියෙන් පේරාදෙණියට ආරාධනා.

Tuesday, 23 April 2013 - 8:04

%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F.

මෙරටට පතිත වූ උල්කාශ්ම කොටස් පිළිබදව පවතින මත ගැටුම නිරාකරණය කිරීම සඳහා තමන් සමග සංවාදයකට පැමිණෙන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ට එංගලන්තයේ බකිම්හැම් සරසවියේ තාරක ජීව විද්‍යාඥ චන්ද්‍රා වික්‍රමසිංහ ආරාධනා කරනවා. මහාචාර්යවරයා තවත් විද්‍යාඥයින් කණ්ඩායමක් සමග පෙරේදා (21) දිවයිනට පැමිණියේ ඩිස්කවරි නාලිකාවේ වාර්තා වැඩසටහනක් සැකසීම සඳහායි. පොළොන්නරුව - අරලගන්විල ප්‍රදේශයට පසුගිය වසරේ දී උල්කාශ්ම කොටස් පතිත වුණා. ඒ සම්බන්ධයෙන් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ඇතුළු විද්‍යාඥයින් පිරිසක් පරීක්ෂණයක් පවත්වනු ලැබුවා. එහිදී අනාවරණය වූයේ එම උල්කාශ්ම කැබලිවල ඒකශෛලික ජීවි විශේෂයක් සිටින බවයි. එහෙත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් එය ප්‍රතික්ෂේප කළා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පේරාදෙණිය සරසවියේ පර්යේෂකයන්ට ආරාධනා කරන්නේ.
 
[MP3]s57646[/MP3]



සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු රැගත් ගුවන්යානයක් දිවයිනට
Tuesday, 02 June 2020 - 16:34

කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී... Read More

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇරඹේ
Tuesday, 02 June 2020 - 15:42

ඡන්ද පත්‍රිකා අද (02) සිට මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය... Read More

ඡන්ද දිනය, හෙට මැතිවරණ කොමිසමේ සාකච්ඡාවකින් පසු  (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 15:39

මහ මැතිවරණය පැවැත්වෙන දිනය, හෙට පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී... Read More