ශ්‍රී ලංකාව ගැන මන්මෝහන් සිංගෙන් වයිකෝට ලිපියක්.

Tuesday, 23 April 2013 - 13:15

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් 19 දෙනා සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලනඥයෙකු වන වයිකෝ වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එමගින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ එම ශ්‍රී ලාංකිකයින් පිරිස තුන්වන රටක පදිංචි කරලීම පිළිබදව ජගත් සරණාගත කොමිසම සහ එමීර් රාජ්‍යය සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවයි. මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස අතර එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් ද සිටින බව සදහන්. ඔවුන් නැවතත් ශ්‍රී ලංකාවට එවීම වළක්වන ලෙස වයිකෝ මීට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊට ලබාදුන් පිළිතුරු ලිපියේ දැක්වෙන්නේ එම පිරිස අතුරින් ඇතැම් අය තුන්වන රටක පදිංචි කරලීම සඳහා ජගත් සරණාගත කොමිසම දැනටමත් කටයුතු යොදමින් සිටින බවයි.

මේ අතර, පසුගිය අප්‍රේල් 6 වන දා ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ධීවරයන් 30 දෙනෙකු නිදහස් කරන ලෙස බලකරමින් තමිල්නාඩුවේ රාමේෂ්වරම් හි ඉන්දීය ධීවරයන් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. පසුගිය අප්‍රේල් 18 වන දා නැවත අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු මෙම ධීවරයන් පිරිස ලබන 26 වන දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. ඔවුන් එදින නිදහස් නොකළහොත් ලබන 27 වන දා තමිල්නාඩුවේ මාර්ග අවහිර කොට විරෝධතාවක් පැවැත්වීමටයි ධීවරයන් කටයුතු යොදා ඇත්තේ. එය අප්‍රේල් 30 වන දා උපවාසයක් බවට පත් කිරීම ධීවර කණ්ඩායම්වල බලාපොරොත්තුවයි.
 
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම වැළැක්වීම සඳහා කටයුතු කරන ලෙස කරුණානිධිගේ ඞී.එම්.කේ. පක්ෂය ඉන්දීය මධ්‍යම රජයන් නැවතත් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඞී.එම්.කේ. පක්ෂය පසුගිය මාසයේ යෝජනාවක් ද සම්මත කර ගත්තා. කෙසේ නමුත් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ලබන නොවැම්බරයේ දී ශ්‍රී ලංකාවේ පවත්වන බව එහි ලේකම් කාර්යාලය දැනටමත් සහතික කර තිබෙනවා.



ගල්කිස්ස වෙරළට අදත් කුණු
Saturday, 06 June 2020 - 19:23

ගල්කිස්ස වෙරළ තීරයට ගොඩ ගැසි ඇති කැළිකසල එම වෙරළ ගොඩකිරීමේදි... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1810ක් දක්වා ඉහළට
Saturday, 06 June 2020 - 18:44

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1806ක් වෙයි
Saturday, 06 June 2020 - 17:54

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1806ක් දක්වා... Read More