හම්බන්තොටට සිංහයින් තිදෙනෙක්.

Tuesday, 23 April 2013 - 19:35

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය සඳහා සිංහයින් තිදෙනෙකු මෙරටට ගෙන ඒමට උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 2ක් වන සිංහයින් දෙදෙනෙකු සහ ජර්මනියෙන්ද දකුණු කොරියාවෙන් සිංහ ධේනුවක් ලබාගැනීමටයි එම අමාත්‍යාංශය කටයුතු කර ඇත්තේ.

 

මේ වනවිට සිංහයින් 6 දෙනෙකු දෙහිවල සත්වෝද්‍යානයේ ජීවත්වන අතර වයස්ගත වීම සහ එකම පවුලේ සාමාජිකයින් අතර ප්‍රජනන ක්‍රියාවන් නිසා ඇතිවන ජානමය විකෘතීන් හේතුවෙන් මෙම සතුන් දුර්වල තත්ත්වයකට පත්ව ඇති බවයි දෙහිවල සත්වෝද්‍යානය සඳහන් කළේ.  ශ්‍රී ලංකාවේ සිංහයින් අභිජනනය කිරීම මෙලෙස සිංහයින් මෙරටට රැගෙන ඒමේ  ප්‍රධාන අරමුණ වී තිබෙනවා. හම්බන්තොට ඉදිවන සෆාරි උද්‍යානයට මෙම සිංහයින් තිදෙනා ලබාදීමට නියමිත බවයි උද්භිද හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය විලී ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

 

[MP3]s57691_1[/MP3]

 

දැනට දෙහිවල සත්වෝද්‍යානයේ පවතින තදබදය මගහැරීම සඳහා දෙහිවල සත්වෝද්‍යානයට අනුබද්ධ තවත් සත්වෝද්‍යානයක් පිළියන්දල ප්‍රදේශයේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති  බවද අමාත්‍යාංශ ලේකම්වරයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියා.

 

[MP3]s57691_2[/MP3]



යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
Monday, 25 May 2020 - 10:13

කිසියම් පිරිසක් විසින් යාපනය,උඩුවිල් අම්බලවානවර් වීදිය... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් 55 ලක්ෂය ඉක්මවයි
Monday, 25 May 2020 - 10:09

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද 55 ලක්ෂය ඉක්මවා ගියා.... Read More

ගින්නකින් රාගම වෙළඳසැල් පහක් විනාශයි
Monday, 25 May 2020 - 10:07

රාගම රෝහල ආසන්නයේ පිහිටි තාවකාලික කඩපේළියක හටගත් හදිසි ගින්නකින්... Read More