හබයක් දුරදිග ගොස් සරසවි පෙම් යුවලක් මරුට.

Wednesday, 24 April 2013 - 7:50

%E0%B7%84%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

තම පෙම්වතියට වස පොවා තමා ද විෂ සහිත එන්නතක් ශරීරගත කරගෙන සිය දිවි හානි කර ගැනීමේ පුවතක් ඊයේ (23) වාර්තා වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සරසවි සිසුවියක් සහ රාගම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙක්. මහනුවර - මාරස්සන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ විෂය හදාරමින් සිටි මෙම තරුණිය පසුගිය 22 වැනිදා තම පෙම්වතා වෙනත් තරුණියක සමග සබඳතාවයක් පැවතීම නිසා නිවසේදී සියදිවි නසාගැනීම සඳහා ඖෂධ පෙති තොගයක් පානය කර තිබෙනවා. මේ නිසා අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඇය මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු සුවය ලබා සිය නිවසට යාමේ බලාපොරොත්තුවෙන් රෝහලේ රැදී සිට ඇති බව සදහන්. ඇයව රැගෙන යාමට දෙමාපියන්ගේ පැමිණීම ප්‍රමාද වී ඇති අතර එම කාලවේලාව අතරතුර රෝහලට පැමිණි ඇගේ පෙම්වතා මෙලෙස වස මිශ්‍ර කළ කිරි පැකට්ටුවක් පානය කිරීමට ලබා දී ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. එහිදී සරසවි සිසුවිය යළිත් අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකට ඇතුළත් කළ ද සුළු මොහොතකින් ඇය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉන් අනතුරුව තම පෙම්වතිය මියගිය බව දැනගත් රාගම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන එම සිසුවා තම සහෝදරයා සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී විෂ සහිත එන්නතක් ශරීරගත කරගෙන තිබෙනවා.

 
පසුව ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී ඊයේ (23) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ. ජීවිතක්ෂයට පත්වූ මෙම තරුණයා පොල්ගහවෙල - ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1801 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 18:56

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Friday, 05 June 2020 - 18:06

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More