එජාප මැතිසබ කණ්ඩායම හදිසියේ අද රැස්වෙයි.

Wednesday, 24 April 2013 - 7:53

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

අද (24) දිනයේ දී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි පවසනවා. විදුලිබිල වැඩිවීම සම්බන්ධයෙන් එක් දින විවාදයක් අවශ්‍ය බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා ඊයේ (23) කළ ඉල්ලීමට සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ අද (24) දිනයේ දී පක්ෂ නායක රැස්වීමක් කැදවා ඊට අදාළ දිනයක් ලබා දිය හැකි බවයි. එහෙත් ඊයේ  පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් එය අද (24) පස්වරු 1 දක්වා කල් තැබීමටයි කථානායක චමල් රාජපක්ෂ තීරණය කළේ.  

 

මේ අතර, පාර්ලිමේන්තුව හදිසියේම කල් තැබීම සම්බන්ධයෙන්  විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (24) දහවල් 12 ට කණ්ඩායම් රැස්වීමක් පවත්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ එම සාකච්ඡාවේදී විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් පක්ෂය ගන්නා ඉදිරි තීරණ  පිළිබඳවද සාකච්ඡා කරන බවයි.

[MP3]s57703[/MP3]



තියුණු ආයුධයක් රැගෙන යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 12 July 2020 - 14:57

කිලිනොච්චිය - පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධයක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:52

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් - එක් අයෙකු සුවය ලබයි
Sunday, 12 July 2020 - 14:45

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2515ක් දක්වා ඉහළගොස් තිබෙනවා.ඒ... Read More