එජාප මැතිසබ කණ්ඩායම හදිසියේ අද රැස්වෙයි.

Wednesday, 24 April 2013 - 7:53

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

අද (24) දිනයේ දී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි පවසනවා. විදුලිබිල වැඩිවීම සම්බන්ධයෙන් එක් දින විවාදයක් අවශ්‍ය බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා ඊයේ (23) කළ ඉල්ලීමට සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ අද (24) දිනයේ දී පක්ෂ නායක රැස්වීමක් කැදවා ඊට අදාළ දිනයක් ලබා දිය හැකි බවයි. එහෙත් ඊයේ  පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් එය අද (24) පස්වරු 1 දක්වා කල් තැබීමටයි කථානායක චමල් රාජපක්ෂ තීරණය කළේ.  

 

මේ අතර, පාර්ලිමේන්තුව හදිසියේම කල් තැබීම සම්බන්ධයෙන්  විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (24) දහවල් 12 ට කණ්ඩායම් රැස්වීමක් පවත්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ එම සාකච්ඡාවේදී විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් පක්ෂය ගන්නා ඉදිරි තීරණ  පිළිබඳවද සාකච්ඡා කරන බවයි.

[MP3]s57703[/MP3]



මෙරට 10 වන කොරෝනා මරණය වාර්තාවෙයි - මියගිය කාන්තාව කුවේට් සිටි පැමිණි අයෙක්
Monday, 25 May 2020 - 17:07

කුවේට් සිට පැමිණීමෙන් පසු ත්‍රිකුණාමලය යුද හමුදා නිරෝධායන... Read More

ඇඳිරි නීතිය මැද නිරෝධායන නීති කඩකර පොලිස් මෙහෙයුම බලන්න ආපු සෙට් එකට අන්තිමට සිදුවූ දේ (ඡායාරූප)
Monday, 25 May 2020 - 16:43

නිරෝධායන නීති කඩකරමින් පොලිස් මෙහෙයුමක් අතරතුර එය නැරඹීමට... Read More

ආබාධිත පියා රැගෙන කිලෝමීටර් 1200ක් පා පැදියෙන් ගිය දිරිය දියණිය (වීඩියෝ)
Monday, 25 May 2020 - 16:24

දකුණු ආසියාවේ වැඩිම කොවිඩ් 19 ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තා... Read More