ඔබාමාට බෝම්බ ගැසූ ටුවීටර් පණිවුඩයේ ඇත්ත හෙළිවෙයි.

Wednesday, 24 April 2013 - 13:30

%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96+%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ඇමරිකානු ධවල මන්දිරය තුළ බෝම්බ දෙකක් පිපිරී ජනාධිපති බැරක් ඔබාමා තුවාල ලබා ඇති බවට ඊයේ (23) ලොව පුරා පැතිර ගිය ටුවීටර් පණිවුඩයක් හේතුවෙන් මහත් කැළඹීමක් ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් ඇමරිකානු කොටස් වෙළඳපොල සීඝ්‍ර කඩා වැටීමක් පෙන්නුම් කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇසෝසියේටඞ් ප්‍රෙස් ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවාවේ ටුවීටර් ගිණුමට අනවසරයෙන් ඇතුළු වී කිසියම් පිරිසක් මෙම ව්‍යාජ ටුවීටර් පණිවුඩය නිර්මාණය කර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වූ ධවල මන්දිර ප්‍රකාශකයා එම ප්‍රවෘත්තිය අසත්‍යයක් බව ප්‍රකාශ කිරීමත් සමගයි ලොව පුරා එම ප්‍රවෘත්තිය නිවැරදි වූයේ. සිරියාව කේන්ද්‍ර කරගනිමින් ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවාවන්ට අනවසරයෙන් ඇතුළු වී තොරතුරු විකෘති කරන්නන් ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා අනාවරණය කළා. ඔවුන් සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව ලෙස හඳුන්වන බවයි එම වාර්තාවල දැක්වුණේ. එම කණ්ඩායම පසුගිය පෙබරවාරි මාසයේදී ස්කයි නිවුස් ඇරබියා ප්‍රවෘත්ති සේවාවට සහ අල්ජසීරා ප්‍රවෘත්ති සේවාවටද අනවසරයෙන් ඇතුළු වී ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කර ඇති බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්.



ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More