කාසල් කාන්තා රෝහලේ මවක් මිය ගියේ විෂබීජයක් පැතිර යාමෙන්ද ?

Wednesday, 24 April 2013 - 12:52

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%B6%E0%B7%93%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%3F

විෂබීජයක් පැතිරයාම හේතුවෙන් කොළඹ - කාසල් වීදියේ කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකය හදිසියේ වසා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.වික්‍රමසිංහ සඳහන් කළේ කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ සහ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මෙම කමිටුවට නම් කර ඇති බවයි.

 

[MP3]s57726[/MP3]           

 

විෂබීජයක් පැතිරයාම හේතුවෙන් කාසල් වීදියේ කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකය ඊයේ (23) හදිසියේ වසා දැමුණා. දරුණු උණ රෝගයකින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවක ජීවිතක්ෂයට පත්වීම සහ තවත් මවක උණ රෝගය වැළඳීම නිසා බරපතල තත්ත්වයෙන් පසුවීම මෙලෙස දැඩි සත්කාර ඒකකය වසා දැමීමට හේතු වූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.වික්‍රමසිංහ සඳහන් කළා. මේ දිනවල රට පුරා වෛරස් උණ රෝග තත්ත්වයක් පැතිර යන අතර, එය ගැබිණි මව්වරුන්ට වැළඳුණු විට විශේෂ සංකූලතාවයන්ට ලක්වන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවා. බාහිර පරිසරයේ පවතින බැක්ටීරියා මෙවැනි ගැබිණි මාතාවකට ඇතුළු වුවහොත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බරපතල තත්ත්වයකට පත්විය හැකි බවද ඔහු තවදුරටත් සඳහන් කළා.



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More