විපක්ෂයෙන් පාර්ලිමේන්තුවට ඉටි පන්දම්.

Wednesday, 24 April 2013 - 18:55

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A.

විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඉටිපන්දම් රැගෙන පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණීමත් සමඟ පාර්ලිමේන්තුවේ අද පස්වරුවේ ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්. ඒ අනුව, එම අවස්ථාවේ මුලසුනේ රැදී සිටි නියෝජ්‍ය කාරකසභා සභාපතිවරයා තීරණය කළේ සභාව මිනිත්තු 5 කට කල් තැබීමටයි. විපක්ෂ මන්ත්‍රිවරුන් ඉටිපන්දම් රැගෙන සභා ගර්භයට පැමිණ විරෝධය පළ කිරීමත් සමග ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් රැඳී සිටි ප්‍රදේශයෙන් ඔවුන් වෙතට ජල බෝතල් කිහිපයක්ද එල්ලවුණා.

විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, හිටපු විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ කළ ප්‍රකාශයක් ගැන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අද (24) ප්‍රශ්න කළේ චම්පික ඇමතිවරයා නිකුත් කළ නිවේදනයක්ද පෙන්වමින්. මෙහිදී ඇතිවූ තත්ත්වයයි මේ.

[MP3]s57739[/MP3]

මේ අතර අදට නියමිත පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කළා. මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කරන සුනිල් හඳුන්නෙත්ති සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන් මේස මත නැගී විරෝධය පළ කළා.

ඊට පෙරද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විවාහ උප්පැන්න සහ මරණ ලියාපදිංචියට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන්ද විපක්ෂය මතුකළ පැනයක් හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තැබීමට සිදුවුණා. අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාව ලබාදී තිබු තීරණය පිිළිබඳවයි ගැටළුව මතුවුනේ. එහිදී නියෝජ්‍ය කථානායකවරයා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව කල් තැබූ අතර මධ්‍යම පළාත් සභාවේ තීරණයෙන් එම පනත් සම්මත කරගැනීමට  ගැටළුවක් ඇති නොවන බව පාර්ලිමේන්තුවට දැනුම්දීමෙන් පසුවයි සභාවේ වැඩකටයුතු ආරම්භ වුණේ.



හිරු පුවතින් පසු මොණරාගල වට්ටක්කා ගොවීන්ට විසඳුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:26

දැඩි අසීරුතාවයකට පත්ව සිටි මොණරාගල ප්‍ර දේශයේ වට්ටක්කා ගොවීන්ගේ... Read More

පොහොර හිඟයට විසඳුම් ඉල්ලා ගොවීන් විරෝධතාවක (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:22

ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබුණත් මේ දිනවල පවතින පොහොර හිඟය... Read More

වසර 8ක් තිස්සේ ඵලක් නොමැති ජල යෝජනා ක්‍රමයක් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:19

කුරුණෑගල මාවතගම මැතිවරණ කොට්ඨාසයට අයත් විශාලතම වැව වන නාරම්ගොඩ... Read More