නව ගාස්තු තමන් එරෙහි වූ පී බී ගේ යෝජනාවට සමානයි. ඇමති චම්පික

Wednesday, 24 April 2013 - 19:05

%E0%B6%B1%E0%B7%80+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%93+%E0%B6%B6%E0%B7%93+%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%92.+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර ඉදිරිපත් කර තිබූ විදුලි අය ක්‍රමයට, මෙවර සිදුවූ විදුලි ගාස්තු ඉහළ දැමීම හරයෙන් සමාන බව හිටපු විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා. ජනවාරි 24 වැනිදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එම යෝජනාවන්ට තම විරෝධය පළ කළ බව ද අමාත්‍යවරයා අද (24) නිකුත් කළ නිවේදනයක සඳහන්. චම්පික රණවක අමාත්‍යවරයාට අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, ඒකක 90 ට අඩුවෙන් භාවිතා කරන අඩු ආදායම්ලාභීන්ගේ විදුලිබිල සියයට සියයකින් පමණ ඉහළ නැංවීමට යෝජනා කර තිබුණා.

හිටපු විදුලිබල අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ කොටස් කිහිපයක් ද ඔහු අද නිකුත් කළ නිවේදනයේ අන්තර්ගතයි.

‘‘ගෘහස්ථ ක්ෂේත්‍රයේ මාසික විදුලි ඒකක 90 ට අඩුවෙන් භාවිතා කරන අඩු ආදායම්ලාභී ජනතාවගේ විදුලිබිල සියයට සියයකින් පමණ ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ලිපියෙන් යෝජනා කර ඇත. ඒ අතර, ඉහළ ආදායම්ලාභී මාසිකව ඒකක 180ට වැඩියෙන් භාවිතා කරන පාරිභෝගිකයන්ගේ විදුලිබිල සියයට 8 සිට සියයට 35 දක්වා අතර ප්‍රමාණයකින් ඉහළ දමා ඇත. මෙය මෙතක් රජය මගින් ක්‍රියාත්මක කළ රටේ දුප්පත් ජනතාවට ඔරොත්තු දෙන මිලකට විදුලිය සැපයීමේ ප්‍රතිපත්තියට ඉඳුරාම පටහැනි වේ. එමෙන්ම, මෙය රට තුළ රජයට ඉතාමත් අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය කිරීමට ද හේතු පාදක වනු ඇත. මෙම රජයේ මූලික පදනම වූ සාමාන්‍ය ජනතාවගෙන් රජය ඈත් කිරීමට ක්‍රියාත්මක වන්නා වූ කුමන්ත්‍රණයක එක් පියවරක් දැයි පරීක්ෂා කර බැලීම යෝග්‍ය වේ. නියඟය පැවති වකවානුවේදී විදුලිබල මණ්ඩලය ගාස්තු ඉහළ නොයවා එය පාඩු ලැබීමට සලස්වා, විශේෂයෙන්ම රටේ සියලූ ජලවිදුලිබලාගාර ආශ්‍රිත ජලාශ පිරී ඉතිරි ඇති මෙවන් මොහොතක මෙලෙස විදුලිගාස්තු ඉහළ නැංවීමට යෝජනා කිරීම අතිශය සැකකටයුතු වන්නේය.’’

හිටපු විදුලිබල ඇමති චම්පික රණවක පවසන්නේ වත්මන් විදුලිබල ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී ඊයේ කළ ප්‍රකාශයක් මාධ්‍යවල පළවී ඇති බවයි. සිදුකර ඇති ගාස්තු වැඩිවීම යෝජනා කළේ තමන් බවට හැඟවෙන ප්‍රකාශ හා වාර්තා ද පළ වී ඇතැයි ඔහුගේ නිවේදනයේ සඳහන්. එහෙත්, තමන් ගාස්තු සංශෝධන ගැන කිසිදු යෝජනාවක් කිසිවෙකුටත් ඉදිරිපත් නොකළ බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.

[MP3]s57741[/MP3]



කහ තිත් පළඟැටියන් ගැන 1920 ට දැනුම්දෙන්න
Thursday, 04 June 2020 - 7:24

දිවයිනේ විවිධ ස්ථානවලින් වාර්තාවන කහ තිත් පළඟැටියන් ගැන... Read More

ලෝකෙම කතාවෙන ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ක්‍රිකට් කණ්ඩායමක් ලාංඡනය කළු කරයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 7:21

ලෝකෙම කතාවෙන ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ක්‍රිකට් කණ්ඩායමක්... Read More

ඊයේ වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 66 න් 35ක් විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයන්
Thursday, 04 June 2020 - 7:08

ඊයේ වාර්තාවූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 66 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ... Read More