විදුලි බිල ඉහළ දැමීම සාධාරණයි. නියෝජ්‍ය මුදල් ඇමති.

Thursday, 25 April 2013 - 8:06

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92.

ඉහළ දැමූ විදුලි මිල සංශෝධනය කරනතුරු ඊට එරෙහිව විරෝධතා ව්‍යාපාර මෙහෙයවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඉහළ ගිය විදුලි බිලට එරෙහිව පත්‍රිකා බෙදාහැරීමේ සහ මහජන පෙත්සමක් අත්සන් කිරීමේ අවස්ථාවට කොටුව දුම්රියපළ ඉදිරිපිටදී ඊයේ එක්වෙමින්  එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කළා.

[MP3]s57755_1[/MP3]

කෙසේ වෙතත් විදුලි ගාස්තු  ඉහළ දැමීමට ගත් තීරණය නිවැරදි එකක් බවයි නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ප්‍රකාශ කළේ. වොෂිංටන් නුවර පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සැසිවාරයට සහභාගිවීමෙන් අනතුරුව ඊයේ යළි දිවයිනට පැමිණි නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින්.
 
[MP3]s57755_2[/MP3]