කාසල් රෝහලේ මරණ දෙකයි.

Thursday, 25 April 2013 - 12:51

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.

ඉන්ෆ්ලූවෙන්සා ඒ වෛරසය වැළදී කොළඹ - කාසල් වීදියේ කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ගර්භනී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අනුව, මෙම වෛරසය ශරීරගත වීමෙන් අනතුරුව, කොළඹ - කාසල්වීදියේ කාන්තා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ගර්භනී කාන්තාවන්ගේ සංඛ්‍යාව දෙක දක්වා ඉහළ යනු ඇති. ඉන්ෆ්ලූවෙන්සා ඒ වෛරසය දුර්ලභ ඝනයේ වෛරසයක් නොවන අතර සාමාන්‍යයෙන් වාර්තා වන වෛරස් තත්ත්වයක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. නමුත්, ප්‍රසූතියට ආසන්න තත්ත්වයේ සිටින ගැබිණි මව්වරුන්ට මෙම වෛරසය ආසාදනය වුවහොත්, එමගින් බරපතල සංකූලතා ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා. එම නිසා, මෙම වෛරස් තත්ත්වය පිළිබඳව වැඩි අවධානයෙන් පසුවිය යුත්තේ, ගැබිණි කාන්තාවන්.  

කෙසේ වෙතත්, කාසල් වීදියේ කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකය තවදුරටත් වසා දමා ඇති අතර, එහි නිරෝධායන කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. එහෙත්, රෝහලට රෝගීන් ඇතුළත් කර ගැනීම සාමාන්‍ය පරිදි සිදුකරන බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.වික්‍රමසිංහ සඳහන් කළේ.  

[MP3]s57785[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More