කැනඩාව යලිත් පරණ කථාවම කියයි.

Thursday, 25 April 2013 - 13:27

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලූවට විසඳුම් ලබා නොදුනහොත් නොවැම්බරයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන බව කැනඩා අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් යලි ප්‍රකාශ කළා. ඔහු සඳහන් කරන්නේ කැනඩා පාර්ලිමේන්තුව ද එම තීරණයේ සිටින බවයි. මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනාවලට නිසි පිළිතුරක් අවශ්‍ය බව ද කැනඩා අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර, හියුමන් රයිට්ස් වොච් ආයතනය ද ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එම සමුළුව ශ්‍රී ලංකාවෙන් පිටත වෙනත් රටක පැවැත්විය යුතු බවයි ඔවුන් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා හොඳ සූදානමක සිටින බව පසුගියදා දිවයිනට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මැතිවරණ, මානව හිමිකම්, සංහිදියාව, අධිකරණ, මාධ්‍ය නිදහස, ඇතුළු කරුණු රැසක් පිළිබඳව තමන් අවධානය යොමු කළ බවයි.



හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා රක්ෂිත බන්ධනාගාරයට
Monday, 25 May 2020 - 13:32

හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිගෑම් 700ක ප්‍රමාණයක් සන්තකයේ තබාගත්... Read More

කුවේට් හි සිට ආ, 49 දෙනාට පැමිණෙන විටත් කොරෝනා - නාවික හමුදාවේ සුව වූ පිරිස 313 දක්වා ඉහළට
Monday, 25 May 2020 - 13:21

ඊයේ (24)  දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගත් කුවේට්... Read More

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකුට පොදුජන පෙරමුණෙන් චෝදනා
Monday, 25 May 2020 - 13:15

මැතිවරණ පැවැත්විය නොහැකිවන ලෙස මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු... Read More