එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 11 කට ඇමරිකාවේ සරණාගතභාවය.

Thursday, 25 April 2013 - 18:36

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A.+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+11+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 11 දෙනෙකුට ඇමරිකාවේ සරණාගතභාවය හිමිව තිබෙනවා. නීතිවිරෝධී ලෙස  ඕස්ට්‍රේලියාව බලා යමින් සිටියදී ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අනතුරකට ලක්වීමෙන් පසුව ඩුබායි හි ජෙබෙල්-අලී වරාය වෙත ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 46 දෙනෙකු සිංගප්පූරු නෞකාවක් මගින් රැගෙන ගෙන එනු ලැබුවේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදීයී. පසුව ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගෙන යාමට එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම කටයුතු කළා. එරටදී සිදුකළ පරීක්ෂණයකින් පසු පිරිසෙන් 07 දෙනෙකු යළි ඉන්දියාවට පිටුවහල් කළ අතර 08 දෙනෙකු ස්වීඩනය වෙත යොමු කිරීමටයි එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම තීරණය කළේ. ඉතිරි පිරිසෙන් 19 දෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තීරණය කර තිබූ නමුත් පසුව එම තීරණය වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම පියවර ගත්තා. ඊයේ ඇමරිකාවට පැමිණි එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 11 දෙනෙකුට සරණාගතභාවය ලබාදීමෙන් පසු ඔවුන් මේ වනවිට ලොස් ඇන්ජලීස් නුවර රැඳී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



ඇමති තොන්ඩමන්ගේ අභාවයත් සමඟ වතුකරයේ සිදුවන වෙනස (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 16:58

ඇමති තොන්ඩමන්ගේ අභාවයත් සමඟ වතුකරයේ සිදුවන වෙනස (ඡායාරූප)ඇමති... Read More

ඛනිජ තෙල් සංස්ථාවේ කෘෂි නිෂ්පාදන යළි ඇරඹීමට උපදෙස්
Wednesday, 27 May 2020 - 16:35

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිපදවූ ඉහළම ප්‍රමිතියෙන්... Read More

විනිසුරු ගිහාන් පිළපිටිය අධිකරණයේ පෙනී සිටීම වළක්වමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
Wednesday, 27 May 2020 - 16:23

හඬ පට සිද්ධියට අදාළව අනිවාර්ය නිවාඩු යවා සිටින විනිසුරු ගිහාන්... Read More