බෙනාසීර් ඝාතනයට මුෂාරෆ් අත්අඩංගුවට.

Friday, 26 April 2013 - 7:45

%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%E0%B7%86%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

පාකිස්ථානයේ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාකිස්ථාන මධ්‍යම පරීක්ෂණ ආයතනය බෙනාසීර් ඝාතනය සම්බන්ධයෙන් ඔහු ඊයේ නිල වශයෙන් අත්අඩංගුවට ගත් බව  පාකිස්ථාන නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. 1999 වසරේ සිට 2008 වසර දක්වා පාකිස්ථානයේ ජනාධිපති ධුරය හෙබවූ මුෂාරෆ් පසුගියදා නැවත සිය රට පැමිණියේ මහ මැතිවරණයට සහභාගිවීමේ අපේක්ෂාවෙන්. එහෙත් 2007 වසරේ නොවැම්බරයේදී පාකිස්ථානයේ හදිසි නීතිය පනවා විනිසුරුවන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු නිවාස අඩස්සියට පත් කෙරුණා. මුෂාරෆ්ට ඇප නියම කිරීම ප්‍රතික්ෂේප වූ අතර දැන් ඔහුට එරෙහිව බෙනාසීර් ඝාතන චෝදනාද එල්ලවනවා.

 

2007 වසරේ දෙසැම්බරයේ මැතිවරණ රැළියකදී බෙනාසීර් භූතෝ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වුනා. එහිදී බෙනාසීර්ට ආරක්ෂාව සැපයීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූයේ මුෂාරෆ්ටයි. දැන් ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ බෙනාසීර් ඝාතනයට ලක්වූ රාවල්පින්ඩි නුවර අධිකරණයයි. නිසි ආරක්ෂාව ලබාදුන්නේ නම් බෙනාසීර් භූතෝගේ ඝාතනය වැලැක්විය හැකිව තිබූ බව 2010 වසරේ නිකුත් කෙරුණු ජගත් සංවිධාන වාර්තාවකද සඳහන් වුණා. බෙනාසිීර් ඝාතනය සම්බන්ධයෙන් මුෂාරෆ්ට චෝදනා එල්ල කිරීමේ ප්‍රමුඛත්වය ගෙන සිටින්නේ භූතෝගේ පුත්‍රයා වන බිල්වාල් භූතෝ සර්දාරි විසින්.

 



ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More