බොස්ටන් ප්‍රහාරයේ වැරදුණු ඉලක්ක හෙළිවේ.

Friday, 26 April 2013 - 13:02

%E0%B6%B6%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A.

බොස්ටන් මැරතන් ධාවනයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන් ඊළඟට නිව්යෝක් නුවර සුප්‍රකට ටයිම්ස් චතුරශ්‍රයේ දැවැන්ත පිපිරීමක් සැළසුම් කර තිබූ බව හෙළිවී තිබෙනවා. නිව්යෝක් නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග් ප්‍රකාශ කළේ පොලිස් වෙඩි පහරින් දිවි ගලවාගත් සැකකරුවෙකු වන සෝකා සානෙව් ගෙන් ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළිදරව් වූ බවයි. සිය සොහොයුරා විසින් ඒ සඳහා සැළසුම් සකස් කර තිබූ බව ඔහු ඇමරිකානු මධ්‍යම පොලිස් සේවාව වෙත ප්‍රකාශ කර තිබෙනවා. මොවුන් සතුව පීඩන උදුන් බෝම්බයක් සහ පයිප්ප බෝම්බ 5 ක් තිබූ බව සඳහන්. බොස්ටන් මැරතන් ධාවනයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉතිරි බෝම්බ නිව්යෝක් නුවර ටයිම්ස් චතුරශ්‍රයේ පිපිරවීම් සඳහා රැගෙන යාම ඔවුන්ගේ සැළසුම වී තිබෙනවා. බොස්ටන් මැරතන් ධාවනයට පසුගිය අප්‍රේල් 15 වැනිදා එල්ලවූ ප්‍රහාරයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 260 දෙනෙකු තුවාල ලැබුවා.



ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More