මොරටුව උණුසුම් වේ.

Friday, 26 April 2013 - 12:48

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A.

මොරටුව - එගොඩඋයන - සුනන්දෝපනන්ද විහාරාධිපති හිමියන්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු වන මොරටුව නියෝජ්‍ය නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මාසික සභා වාරයට සහභාගිවීම සඳහා අද පැමිණි අවස්ථාවේදී නොසන්සුන් තත්ත්වයක් හටගැණුනා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ ප්‍රදේශවාසීන් නියෝජ්‍ය නගරාධිපතිවරයාට සභා වාරයට පැමිණීමට ඉඩ නොදී විරෝධය පළ කළ බවයි. නියෝජ්‍ය නගරාධිපතිවරයා අධිකරණයේ විශේෂ අවසරයක් මත අද නගර සභාව වෙත ගෙන එනු ලැබුවේ නිවාඩු අනුමත කරගැනීම සඳහායි.

 

එහෙත් නියෝජ්‍ය නගරාධිපතිවරයා රැගත් බන්ධනාගාර බස් රථය නගර සභා භූමියට ඇතුලූ වී පැය එක හමාරක පමණ කාලයක් නවතා තිබුණද උද්ඝෝෂකයින්ගේ විරෝධය හේතුවෙන් ඔහුට බස් රථයෙන් බැසීමට ඉඩ ලැබුනේ නැහැ. මේ හේතුවෙන් ඔහුට අද පැවති මාසික සභා රැස්වීමට සහභාගිවීමට ඉඩ නොලැබුණු අතර උප නගරාධිපතිවරයා රැගත් බන්ධනාගාර බස් රථය යළිත් නගරසභා භූමියෙන් පිටතට රැගෙන යාමට සිදුවූයේ පොලීසිය සහ පොලිස් කැරලි මර්දන නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේයි.

 

සුනන්දෝපනන්ද  විහාරාධිපති පූජ්‍ය මැටිගහතැන්නේ විමලවංශ හිමියන් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණේ පසුගිය පෙබරවාරි මස 3 වැනිදායි. කෙසේ වෙතත් මොරටුව මහ නගර සභාවේ මාසික සභා වාරය සාමාන්‍ය පරිදි අද පැවැත්වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු.

 
[MP3]s57849[/MP3]



තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇතැයි රනිල් කියයි (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:41

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක... Read More

මැතිවරණය පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප කිරීම ගැන පක්ෂ විපක්ෂ අදහස් (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:30

මැතිවරණය නොපවත්වන්නැයි ඉල්ලා ගොණුකළ පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප... Read More