ඇඹිලිපිටියේ උපවාසයට අදට දින 4 යි.

Friday, 26 April 2013 - 13:09

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+4+%E0%B6%BA%E0%B7%92.

තමන්ට අයත්ව තිබූ ඉඩම් සහ නිවාස නැවත ලබාදෙන ලෙස ඉල්ලා මහවැලි - වළව ව්‍යාපාරයේ පදිංචිකරුවන් පිරිසක් විසින් ආරම්භ කර ඇති මාරාන්තික උපවාසයට අදට දින 4 ක්. උපවාසයේ යෙදී සිටි එක් අයෙකු අද උදෑසන රෝහල් ගත කෙරුණ අතර පසුව ඔහු ප්‍රතිකාර ලබා නැවත උපවාසයට එක්ව සිටිනවා.

 

ඇඹිලිපිටිය නව නගර පාරේ ජාතික පාසල ඉදිරිපිට ඔවුන් මෙලෙස උපවාසයේ නිරතවනවා. 1963 වසරේ ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලයේ සේවයට පැමිණි පවුල් 68 ක් වලව ව්‍යාපාරය යටතේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කෙරුණු අතර 1982 වසරේදී ඔවුන් මහවැලි අධිකාරියට ඔවුන් අනුයුක්ත කෙරුණා. උපවාසයේ නිරත පුද්ගලයින් පවසන්නේ තමන්ට ලබාදුන් ඉඩම් සහ නිවාසද කැබිනට් පත්‍රිකාවකින් පවරා දී තිබූ නමුත් 1993 වසරේදී ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලය ඈවර කිරීමත් සමග  තමන් පදිංචිව සිටි නිවාස සහ ඉඩම් යළි රජයට පවරා ගත් බවයි.

 

කෙසේ වෙතත් පසුගිය වසරේ ඔක්තෝම්බර් පැවති  රත්නපුර දිස්ත්‍රික් සමාලෝචන රැස්වීමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට නියෝග කළේ මෙම නිවාස සහ ඉඩම් යළි එහි පදිංචිකරුවන්ට ලබාදෙන ලෙසයි. එහෙත් මේ වනතුරුත් එම නියෝගය මහවැලි බලධාරීන් විසින් ඉටු කර නොමැති බවටයි උපවාසයේ නිරත පුද්ගලයෙකු චෝදනා කළේ.

 

[MP3]s57853[/MP3]



වගා වනසන මාවතගම පළඟැටියන් තවත් ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත වෙයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 14:15

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ පළගැටි විශේෂය මේ... Read More

උඩවලව - දිග්ගල පාලමක් නැති මිනිසුන්ගේ කදුළු කතාව (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 14:12

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩවලව - දිග්ගල - මලබොටු... Read More