රිය අනතුරු ඉහළයාමට අධික උෂ්ණත්වයත් හේතුවක්.

Friday, 26 April 2013 - 19:11

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B7%82%E0%B7%8A%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය රිය අනතුරු ඉහළ යාම කෙරෙහි බලපාන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා සහ මානව විද්‍යා අධ්‍යයන අංශය ප්‍රකාශ කළා. එහි සමාජ විද්‍යාව පිළිබද මහාචාර්ය මයුර සමරකෝන් සඳහන් කළේ උෂ්ණාධික කාලගුණය නිසා පුද්ගලයන් තුළ නොසන්සුන්තාව ඇති වන බවයි. සමාජ විද්‍යාත්මක දත්තවලට අනුව ඒ හේතුවෙන් මාර්ග අනතුරු ඉහළ යා හැකි බවයි ඔහු කියා සිටියේ.
 
[MP3]s57868[/MP3]