අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්.

Friday, 26 April 2013 - 19:20

%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා. එහි කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු කොළඹ අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ දුම්රිය වෘත්තීය සමිති සමග අද පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹුණු බවයි. ශ්‍රේණිගත වැටුප් විෂමතාවලට විසඳුම් ලබා ගැනීම සඳහා පැවති සාකච්ඡා අසාර්ථකවීම මෙම තීරණයට හේතුව බවද ඔහු කියා සිටියා.

[MP3]s57870_1[/MP3]                                                                    

එම මාධ්‍ය හමුවට එක්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති කේ.වී.ජයසේන දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරින්ට දැඩි චෝදනාවක් එල්ල කළා.

[MP3]s57870_2[/MP3]                                                      

දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පසුගිය 22 වැනි සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව මීට පෙර තීරණය කර තිබුණා. එහෙත් ජනාධිපති ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමෙන් පසු, එය අත්හිටුවූ අතර පෙරේදා පැවති එම සාකච්ඡාව ද අසාර්ථක වූ බවයි එම වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ.



කොළඹ අපරාධ කොට්ඨාශය රාජිත රඳවා සිටින කදවුරට
Thursday, 28 May 2020 - 13:13

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී... Read More

කොටුවේ ගොඩනැගිල්ලක සිටි නාවික සෙබලෙකුට කොරෝනා - 200ක් නිරෝධායනයට
Thursday, 28 May 2020 - 12:50

කොළඹ - කොටුව - සර් බාරෝන් ජයතිලක මාවතේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලේ... Read More

ඇඳිරි නීතිය පැනවීම ගැන අලුත්ම නිවේදනය නිකුත්වෙයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 12:27

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More