විදුලියට අයත් සමාගමක් පුද්ගලික අංශයට. - එජාපය.

Friday, 26 April 2013 - 19:24

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

2005 දී ලංකා විදුලිබල මණ්ඩලයට සියයට 63ක අයිතිය තිබූ එල්.ටී.එල්. සමාගම පෞද්ගලීකකරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද (26) ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවක් ද උපුටා දක්වමින්.

ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඞ් නමින් තිබූ මෙම සමාගම එල්.ටී.එල්. හෝල්ඩින් ලෙස වර්තමානයේ හඳුන්වනවා. මේ යටතේ ලක්දනවි, හෙළදනවි, යනා දී විදුලිය ජනනය කරන සමාගම් ද විදුලිය සම්බන්ධ වෙනත් සේවා සපයන සමාගම් ද ක්‍රියාත්මක වන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. විදුලිබල මණ්ඩලයට වැඩි අයිතිය තිබූ මෙම එල්.ටී.එල්. සමාගමේ අනෙක් අයිතිකරුවන් පිළිබදව එම මණ්ඩලයට පවා හෙළිදරව් කර නොමැති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළා.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අද (26) පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ මෙම ආයතනයේ අයිතිකරුවන් සහ විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් එක්ව විදුලි මාෆියාවක් ක්‍රියාත්මක කරන බවයි.

[MP3]s57871_1[/MP3]

2005 දී ආණ්ඩුවට අයත්ව තිබූ එල්.ටී.එල්. ආයතනය කිසිවෙකුටත් නොදැනී පෞද්ගලීකකරණයට ලක්ව ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

[MP3]s57871_2[/MP3]                                                                           

විදුලිබල මාෆියාව පිළිබදව ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ ද පසුගිය දා ප්‍රකාශයක් කළා. එමෙන්ම විදුලි පාරිභෝගික ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු බන්දුල චන්ද්‍රසේකර කියා සිටියේ විනිවිදභාවයක් නොමැති මෙවැනි ක්‍රියා පිළිබද මහජන උපයෝගීතා කොමිසමේ ද කරුණු ඉදිරිපත් වූ බවයි. විදුලිබල මණ්ඩලයේ 2013 වර්ෂයේ වියදම වූ රුපියල් බිලියන 256න් බිලියන 28ක් කපා හැරියේ ද ඒ නිසා බවයි ඔහු සඳහන් කළේ.

[MP3]s57871_3[/MP3]   



වැසිකිළි වලකට වැටී පාසල් දැරියක් ජීවිතක්ෂයට
Sunday, 31 May 2020 - 16:04

වැසිකිළි වලකට වැටීමෙන් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙලස... Read More

රාත්‍රී ආහාරය ප්‍රමාද වූවැයි සොහොයුරියට, මස්සිනාට සහ දරුවාට පහරදුන් පුද්ගලයෙකු රිමාන්ඩ්
Sunday, 31 May 2020 - 15:53

රාත්‍රී ආහාරය ප්‍රමාද වීම නිසා යාබද නිවසේ පදිංචිව සිටි තම... Read More

තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහර නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත
Sunday, 31 May 2020 - 15:02

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය... Read More