කාසල් රෝහලේ නවතම තත්ත්වය.

Friday, 26 April 2013 - 20:02

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA.

කාසල් වීදියේ කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකය හදිසියේ වසා දැමීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ කණ්ඩායමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. පසුගිය දා කාසල් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක ජීවිතක්ෂයට පත්වූ අතර අනතුරුව රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දැමුණා. අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටි තවත් ගැබිණි මවක් ද ජීවිතක්ෂයට පත්වුණා.

කාසල් රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමා මෙම මරණවලට හේතුව සොයා බැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගය මත විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කරනු ලැබුවා. මෙම කමිටුවේ නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාර දුන් අතර එහි ඇතුළත් වුණේ ඉන්ෆ්ලූවෙන්සා ඒ වෛරසය ගැබිණි මව්වරුන්ගේ මරණවලට හේතු වී ඇති බවයි. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අද (26) පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල සදහන් කළේ කාසල් රෝහලේ දැඩි සත්කාර ඒකකය පිරිසිදු කිරීමෙන් අනතුරුව එහි නිදර්ශක නැවත පරීක්ෂණයකට ලක් කරන බවයි.

[MP3]s57877_1[/MP3]                                                               

මේ අතර, ඉන්ෆ්ලූවෙන්සා ඒ වෛරසය වැළදුණු ගැබිණි මව්වරුන් 9 දෙනෙකු තවදුරටත් කාසල් රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔවුන් අනෙකුත් ගැබිණි මව්වරුන්ගෙන් වෙන් කර තබා ප්‍රතිකාර කිරීමට පියවර ගෙන ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ පැවසුවේ.

[MP3]s57877_2[/MP3]



මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More

ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More