පොදුරඳ මඩුලූ සමුළුවට කොළඹ එනවා. - ඕස්ට්‍රේලියාවෙන් සහතිකයක්.

Saturday, 27 April 2013 - 13:18

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B3+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.++-++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ඕස්ට්‍රේලියාව ලබන නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය නොකරන බව එරට විදේශ අමාත්‍ය බොබ් - කා අද (27) අවධාරණය කළා. ලන්ඩනයේ ඊයේ (26) පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය ක්‍රියාකාරී කමිටුවට සහභාගි වූ  ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරයා ඒ.බී.සී. ප්‍රවෘත්ති සේවය සමග දුරකථන සංවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ එලෙස සමුළුව වර්ජනය කිරීම ප්‍රතිඵලදායක නොවන පියවරක් බවයි.  ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය මැල්කම් ෆේ‍්‍රසර් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුව වර්ජනය කළ යුතු බවට පසුගිය කාලයේ දී ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වුණා.

කෙසේ නමුත්  ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය බොබ් කා ප්‍රකාශ කළේ පොදුරාජ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකාව වෙත බලපෑම් කළ යුත්තේ සංහිඳියා ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා බවයි. ශ්‍රී ලංකාව හුදෙකලා කිරීමෙන් එම ඉලක්කය සපුරා ගත නොහැකි බව ඔහු සඳහන් කළා. එමෙන්ම කැනඩාව හැර පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් 55 අතුරින් අන් එක් රටක්වත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුව වර්ජනය කරන බව ප්‍රකාශ කර නොමැති බවයි   ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියේ.

[MP3]s57905[/MP3]

ලන්ඩනයේ ඊයේ (26) පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය ක්‍රියාකාරී කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක සමුළුව නොපැවැත්විය යුතු බවට කිසිවෙකු විසින් හෝ යෝජනාවක් ඉදිරිපත් නොකළ බව  ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය බොබ් කා ප්‍රකාශ කළා.
 
ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් පැමිණෙන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දෙරට අතර ගිවිසුමක් නොමැති බවත්, ඒ.බී.සී. ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළා. නැවත ශ්‍රී ලංකාව වෙත එවනු ලැබූ එවැනි සංක්‍රමණිකයන් දහසක් අතුරින් තමන් ශ්‍රී ලංකාවේදී පීඩාවට ලක්වූ බවට යළි පැමිණිලි කර ඇත්තේ 4 දෙනෙකු පමණක් බවත් විදේශ අමාත්‍ය බොබ් කා ප්‍රකාශ කළා. ඉන් පැමිණිලි දෙකක් සාවද්‍ය බව හෙළි වී ඇති අතර ඉතිරි පැමිණිලි දෙක පිළිබද තවදුරටත් පරීක්ෂා කරන බව ඔහු සදහන් කළා.



වෙඩි වැදුණු මොරටුව හෝටලය අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම්
Saturday, 30 May 2020 - 12:11

මොරටුව සොයිසාපුර හෝටලයට එල්ල කළ වෙඩි ප්‍රහාරය වලක්වා ගැනීමට... Read More

කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 15ක් සුවය ලබයි
Saturday, 30 May 2020 - 11:51

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නාවික හමුදාවේ තවත් පහළොස් දෙනෙකු... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Saturday, 30 May 2020 - 11:01

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More