ජපානයේ උපඅගමැති මැයි 2 දා දිවයිනට.

Saturday, 27 April 2013 - 14:12

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+2+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.

ජපානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ටාරෝ අසෝ සහ ජපාන පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අමාත්‍ය යුකෝ ඔබුචි ඇතුලූ ජපාන රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ලබන මැයි පළවෙනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වසරේ මාර්තු මාසයේ ජපානයේ සිදුකළ චාරිකාවේදී කළ ආරාධනයකට අනුවයි ඔවුන් මෙහි පැමිණෙන්නේ.

සිය ශ්‍රී ලංකා සංචාරයේදී ජපාන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවීමට නියමිතයි. ජපාන ධූත පිරිස කොළඹ වරායේ සහ කොළඹ නැව් තටාකාංගනයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරතවනවා. කොළඹ වරාය සහ නැව් තටාකාංගනය පුළුල් කිරීමේ කටයුතු සඳහා ජපානය යෙන් මිලියන 80 කට වැඩි මූල්‍යාධාර සපයා තිබෙනවා.

මේ අතර ජපාන යුද නෞකා දෙකක් පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ වරායට පැමිණියා. සෝමාලියාවේ සහ ඒඩන් බොක්කේ මුහුදු කොල්ලකෑම්වලට එරෙහි මෙහෙයුම්වල නිරතවන නෞකා දෙකක් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. අකෙබෝනෝ සහ හමගිරි නැමති එම නෞකා ප්‍රහාරක නෞකා මෙන්ම හෙලිකොප්ටර් යානා රඳවාගැනීමට සමත්. නෞකා දෙක ඊයේ (26) කොළඹ වරායෙන් නික්මුණු බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.



මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More