දුම්රිය සේවකයන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ.

Sunday, 28 April 2013 - 8:05

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A.

කලින් සැලසුම් කළ පරිදි අද (28) මධ්‍යම රාත්‍රියේ සිට තමන් වර්ජනයේ නිරත වන බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එහි කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු පැවසුවේ අද දිනය තුළ ලිඛිත පොරොන්දුවක් ලබාදෙන්නේ නම් පමණක් වර්ජන තීන්දුව සම්බන්ධයෙන් යළි සලකා බැලීමට සූදානම් බවයි. දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය ආරක්ෂක නිලධාරීවරුන්, දුම්රිය සංඥා නිලධාරීන්, ඇතුළු දුම්රිය සේවාවේ ශ්‍රේණිගත නිලධාරීන් රැසක් මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු.

 
[MP3]s57933[/MP3]

 
දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පසුගිය 22 වැනි සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව මීට පෙර තීරණය කර තිබුණා. එහෙත් ජනාධිපති ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමෙන් පසු, එය අත්හිටුවූ අතර පසුගියදා පැවති එම සාකච්ඡාව ද අසාර්ථක වූ බවයි එම වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ.



වැල්ලම්පිටියේ පරිප්පු සැකසුම් ගබඩාවක විශාල ගින්නක්
Tuesday, 26 May 2020 - 13:03

වැල්ලම්පිටියේ පරිප්පු සැකසුම් ගබඩාවක විශාල ගින්නක් හටගෙන... Read More

දිවයින පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ, දුම්රිය 31ක් කොළඹට - පෞද්ගලික බස් ධාවනය සියයට 20යි
Tuesday, 26 May 2020 - 12:58

කොළඹ සහ ගම්පහ ඇතුළු දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම... Read More

කොවිඩ් 19 වැලැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ප්‍රධානත්වයෙන් අද රැස්වෙයි
Tuesday, 26 May 2020 - 12:52

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ විදෙස් රටවලින් මෙරටට පැමිණි... Read More