රංගේ බණ්ඩාර සහ ශාන්ත අබේසේකර යළි ගැටේ.

Sunday, 28 April 2013 - 12:34

%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A.

විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව පුත්තලම නගරයේ ඊයේ (27) පැවති උද්ඝෝෂණයකට සහභාගි වූ තමා ඇතුළු කණ්ඩායමට වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් පහරදුන් බවට  පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසනවා. ඒ පිළිබඳව තමන් පොලිසියට පැමිණිල්ලක් ද සිදුකළ බවයි මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 

[MP3]s57954[/MP3]        

 

එක්සත් ජාතික පක්ෂයේ ආනමඩුව මැතිවරණ කොට්ඨාශයේ ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා එම ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට පළාත්සභා මන්ත්‍රී ශාන්ත අබේසේකර පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා. කෙසේ වෙතත්, පහරදීමේ සිද්ධිය පිළිබඳව පළාත් සභා මන්ත්‍රී ශාන්ත අබේසේකරගෙන් කරුණු විමසීමට අප උත්සාහ කළත් එය ව්‍යර්ථ වුණේ ඔහු දුරකථනවලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.