ශ්‍රී ලංකන් ගුවන් සේවයට රුපියල් බිලියන 315 ක නව ගුවන් යානා.

Sunday, 28 April 2013 - 12:39

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+315+%E0%B6%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව ගුවන් යානා මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකහමාරක මුදලක් අනුමත කර තිබෙනවා. රුපියල් බිලියන 315 ඉක්මවූ එම මුදල ප්‍රධාන වශයෙන් වෙන් කෙරෙන්නේ නව එයාර් බස් යානා මිලදී ගැනීම සඳහායි. එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 234 ක් වන ඒ 330 - 300 වර්ගයේ ඉයාර් බස් යානා 6 ක් මිලදී ගැනෙන අතර නව ඒ 350 - 900 වර්ගයේ ගුවන් යානා 4 ක් මිලදී ගැනෙනවා. එම ගුවන් යානයක මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 283 ක් එනම්, රුපියල් කෝටි 3560 කට ආසන්න මුදලක්. නව ගුවන් යානා 10 ට අමතරව, ඉදිරි දස වසර සඳහා ඒවාට අමතර කොටස් මිලදී ගැනීම සඳහා ද මුදල් වෙන් කෙරෙනවා. මෙම ගුවන් යානා ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් මිලදී ගැනෙන අතර, ගුවන් යානා ගණුදෙණුව සඳහා ඇමෙරිකානු බෝයිං සමාගම ද තරග කළ බව සඳහන්. ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව ගුවන් යානා මිලදී ගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කළ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ටී.ආර්.සී.රුබේරු.

 

[MP3]s57956_1[/MP3]

 

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය 2012 වසරේදී රුපියල් බිලියන 20 යි දශම 5 ක මෙහෙයුම් පාඩුවක් වාර්තා කළා. එලෙස ගුවන් සේවය පාඩු ලබද්දී මෙලෙස නව ගුවන් යානා මිලදී ගැනීම සාධාරණීකරණය කළ හැකි දැයි අප ඔහුගෙන් විමසා සිටියා.

 

[MP3]s57956_2[/MP3]

 
ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව දැනට ගුවන් යානා 13 ක් පවතින අතර, ඒවා වසර 9 ත් 18 ත් අතර, පැරණී ඒවායි.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More