නවසීලන්තයත් පොදුරඳ මඩුලූ සමුළුවට.

Monday, 29 April 2013 - 13:11

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B3+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

ලබන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන බව නවසීලන්තය පවසනවා. නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී එරට පුවත්පතක් වෙත මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර,  ඕස්ට්‍රේලියාව ද ලබන නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය නොකරන බව දැනටමත් ප්‍රකාශ කර අවසන්. එරට විදේශ අමාත්‍ය බොබ් කා මේ බව ප්‍රකාශ කළේ  ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනයක් සමග පසුගිය දා පැවැති සාකච්ඡාවකදියි.

කෙසේ වෙතත්, කැනඩාව ප්‍රකාශ කර ඇත්තේ මෙරට පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව තමන් වර්ජනය කරන බවයි. පසුගිය දා ලන්ඩනයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය ක්‍රියාකාරී කමිටු රැස්වීමෙන් අනතුරුව එහි මහලේකම් කමලේෂ් ශර්මා අවධාරණය කළේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නොමැති බවයි. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා නොවූ බව මීට පෙර වාර්තා වුණා. කෙසේ වෙතත්, මහලේකම් කමලේෂ් ශර්මා පසුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ අමාත්‍ය ක්‍රියාකාරී කමිටුව තුළ සාකච්ඡා නොවුණ ද රහස් සාකච්ඡාවක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැති බවයි.



ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 64 ලක්ෂය ඉක්මවයි
Wednesday, 03 June 2020 - 11:39

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 64 ලක්ෂ... Read More

නිසර්ගා - මුම්බායි නුවරට ආසන්න වෙයි
Wednesday, 03 June 2020 - 11:34

ප්‍රබල නිසර්ගා සුළි කුණාටුව මුම්බායි නුවරට කිලෝමීටර් 215 ක්... Read More

ප්‍රවාහන සේවකයින්ට චීනයෙන් සෞඛ්‍යාරක්ෂිත උපකරණ
Wednesday, 03 June 2020 - 11:06

මගී ප්‍රවාහන සේවකයින්ගේ ආරක්ෂාව සඳහා සෞඛ්‍යාරක්ෂිත උපකරණ... Read More