කොළඹ මැයි රැළි 13ක්. - ආරක්ෂාවට පොලීසියේ 5000ක්.

Monday, 29 April 2013 - 13:17

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92+13%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+5000%E0%B6%9A%E0%B7%8A.

මෙවර මැයි දිනය වෙනුවෙන් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5000ක් පමණ යොදවා ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක පවසනවා. මැයි දිනය වෙනුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මැයි රැළි සහ පෙළපාලි 13ක් පැවැත්වෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන සිය මැයි රැළිය පවත්වනු ලබන්නේ  බොරැල්ල කැම්බල් පිටියේදියි. ජනතා විමුක්ති පෙරමුණ දෙහිවල එස්.එස්. ජයසිංහ ක්‍රීඩාංගණයේ දී මැයි රැළිය පවත්වන අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැළිය කොටහේන රත්නම් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති. එමෙන්ම ජාතික නිදහස් පෙරමුණේ මැයි රැළිය දෙමටගොඩ - පී.ඞී. සිරිසේන ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ විරෝධය මෙවර සිය මැයි රැළිය පවත්වන්නේ කුරුණෑගල නගරය කේන්ද්‍ර කර ගනිමින්.

මෙවර මැයි දිනය වෙනුවෙන් පැවැත්වෙන රැළි සහ පෙළපාලි වෙනුවෙන් සපයා ඇති ආරක්ෂාව පිළිබද දැනුම්දීම සඳහා කොළඹ අද (29) පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක.

[MP3]s58015_1[/MP3]                                                       

කොළඹ නගරයේ මැයි දිනය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ද මෙවර ක්‍රියාත්මකයි. සන්ධානයේ මැයි පෙළපාලිය කොළඹ - නෙළුම්පොකුණ මාවතේ සිට බොරැල්ල කැම්බල් පිටිය දක්වා ගමන් කරනවා. එහිදී රථ වාහන සැලැස්ම පිළිබදව පැහැදිලි කරන පොලිස් රථ වාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න.

[MP3]s58015_2[/MP3]                                                

මීට අමතරව මැයි පළමු වන දා පෙළපාලි පැවැත්වෙන අවස්ථාවන්හිදී වාහන ගමන් කළ යුතු ආකාරය පිළිබද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළා.

[MP3]s58015_3[/MP3] 



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More