විදුලිබිල හකුළා ගන්න. - එජාපය.

Monday, 29 April 2013 - 13:50

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B7%84%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

ඉහළ දැමූ විදුලි ගාස්තුව පහත හෙළන ලෙස ඉල්ලා අදත් දිවයිනේ ස්ථාන කිහිපයකදී විරෝධතා පැවැත්වුණා. මහනුවර - මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අද (29) පැවැති මාසික සභා වාරයට මහනුවර නගරයේ සිට පැමිණියේ ඉටි පන්දම් දල්වමින්.

අද (29) උදෑසන මාතර ප්‍රාදේශීය සභාව ඉදිරිපිට ඉහළ දැමූ විදුලිබිලට විරෝධය පළ කරමින් ද විරෝධතාවක් පැවැත්වුණා. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින්. ඔවුන් වේරදූව මං සන්ධියේ සිට මාතර ප්‍රාදේශීය සභාව දක්වා පා ගමනකින් විරෝධතා පුවරු ද රැගෙන පැමිණි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මාතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිහාල් දලවැල්ල මෙලෙස හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වා සිටියා.

[MP3]s58017_1[/MP3]                                                                          

මේ අතර, අද (29) පැවැත්වෙන මාසික සභා රැස්වීමට විදුලිබිලට විරෝධය පළ කරමින් යෝජනාවක් ද සම්මත කර ගැනීමට නියමිත බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කොළඹ අද (29) පැවැති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේ දී ද විදුලිබිල සම්බන්ධයෙන් අදහස් පළ වුණා. එම මාධ්‍ය හමුවට එක්වූ එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සඳහන් කළේ ඉහළ දැමූ විදුලිබිල නැවත හකුළා ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි.

[MP3]s58017_2[/MP3]    



මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1371 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 19:52

කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයෙකු වාර්තාවීමත්... Read More

ඉදිරි පැය 36 තුළ වැස්ස වෙනස්වනහැටි මෙන්න - කාලගුණයෙන් නිවේදනයක්
Wednesday, 27 May 2020 - 19:27

ඉදිරි පැය 36 තුළ වැස්ස වෙනස්වනහැටි මෙන්න - කාලගුණයෙන් නිවේදනයක්... Read More

තවත් නාවික හමුදා සාමාජිකයන් 51කට කොරෝනා - මෙරට ආසාදිතයන් 1370 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 19:25

තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයන් 51 ක් වාර්තා වී තිබෙනවා.... Read More