දරුස්මාන් වාර්තාව සැකසූ සූකා යළි ශ්‍රී ලංකාවට එරෙහි වෙයි.

Monday, 29 April 2013 - 19:09

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%83%E0%B7%96+%E0%B7%83%E0%B7%96%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



ජගත් සංවිධාන මහලේකම් බෑන්කී මූන් වෙත ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ගොනුකළ දරුස්මාන් කමිටුවේ සාමාජිකාවක් වන දකුණු අප්‍රිකාවේ යස්මින් සූකා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව දැඩි උදහසට පත්වී සිටිනවා.  ඕස්ට්‍රේලියානු ගුවන් විදුලිය සමග සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවේදී පොදුරාජ්‍ය මණ්ඩලී රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට තීරණය කළ බව ඇසීමෙන් තමන් දැඩි කම්පනයට පත්වූ බවයි. මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවටද ඇය චෝදනා කළා. මෙරට නීතියේ ආධිපත්‍යයද අභියෝගයකට ලක්ව ඇති බවයි ඇය කියා සිටියේ. එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමෙන් එම පියවර ජාත්‍යන්තර ප්‍රජාව අනුමත කරන බවක් පෙනී යන්නේ යැයි යස්මින් සූකා පැවසුවා. ඇය  ඕස්ට්‍රේලියානු ගුවන් විදුලිය සමග පැවැත්වූ සාකච්ජාවේදී හඳුන්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥවරියක් ලෙසයි. කෙසේ නමුත්, දරුස්මාන් වාර්තාව සකසන අවස්ථාවේදී ඇයට ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාවක් ලැබුණේද නැහැ. එවැනි තත්ත්වයක් මත ඇය ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් විශේෂඥවරියක ලෙස හැඳින්විය හැකිද යන්න ගැටළුවක්.



තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More