නැවියන් 5ක් පැහැර ගත් නෞකාවේ ශ්‍රී ලාංකිකයන් 14ක්.

Tuesday, 30 April 2013 - 12:41

%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+14%E0%B6%9A%E0%B7%8A.



නයිජීරියානු මුහුදේ දී කොල්ලකරුවන් පැහැර ගත් නැවියන් 5 දෙනා අතර ශ්‍රී ලාංකිකයන් නොමැති බව සිද්ධියට මුහුණ දුන් නෞකාවේ දේශීය නියෝජිත සමාගම ප්‍රකාශ කළා. සිටි ඔෆ් සියාමෙන් නැමැති මෙම නෞකාවේ ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු සහ විදේශීය නැවියන් 7 දෙනෙකු සේවය කරනවා. පසුගිය අප්‍රේල් 25 වැනිදා නයිජීරියානු මුහුදේදී අධිවේගී බෝට්ටුවලින් පැමිණි මුහුදු කොල්ලකරුවන් මෙම නෞකාවට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, පසුව එහි සිටි නැවියන් පිරිසක් සහ මුදල් තොගයක් ඔවුන් පැහැර ගෙන ගියා. නෞකාව ඔවුන්ට තම ග්‍රහණයට ගැනීමට නොහැකි වුණේ එය අධික වේගයෙන් ඉදිරියට ගමන් කිරීම හේතුවෙන්.


කෙසේ වෙතත් පැහැර ගත් නැවියන් අතර ශ්‍රී ලාංකිකයන් 3 දෙනෙකු සිටින බවයි ඊයේ (29) වාර්තා වුණේ. ඇන්ටිගුවා හි ලියාපදිංචි මෙම ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩලයේ බහුතරයක් ද ශ්‍රී ලාංකිකයන්. කෙසේ වෙතෙත් පැහැර ගත් නැවියන් 5 දෙනා අතර ශ්‍රී ලාංකිකයන් කිසිවෙකු නොමැති බව ලව්ටරයාන් නැමැති නෞකාව අයත් මව් සමාගමේ දේශීය නියෝජිත සමාගමේ කළමනාකරු සම්පත් වඩුගේ අද (30) හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

rn

[MP3]s58078[/MP3]



මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More