ශ්‍රී ලංකාවට මැදිහත් වන්න එපා. - විදේශ ඇමති.

Tuesday, 30 April 2013 - 12:45

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92.

ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ ශ්‍රී ලංකාව පිළබද නවතම වාර්තාව ඇසෝල්ට් ඔන් ඩිසෙන්ට් නොහොත් විරුද්ධවාදීන්ට ප්‍රහාරයක් යන නමින් අද (30) ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහිදී ලක් රජය තර්ජන, පීඩාවන්, සිර දඩුවම් සහ ප්‍රචණ්ඩ ප්‍රහාර ආදියෙන් ප්‍රතිවාදීන් මර්ධනය කරන බවටයි ක්ෂමා ආයතනය චෝදනා කළේ.

විශේෂයෙන් මාධ්‍යවේදීන් අධිකරණය, මානව හිමිකම් ක්‍රියාකාරීන්ට සහ විරුද්ධ දේශපාලනඥයන් මෙලෙස පීඩාවන්ට ලක්වන බව ක්ෂමා ආයතනයේ ආසියා - පැසිෆික් අධ්‍යක්ෂ පොලි ටෘස්කොට් නිකුත් කළ වාර්තාවේ සඳහන්. නොවැම්බරයේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට පෙර මානව හිමිකම් තත්ත්වයේ වර්ධනයක් ප්‍රදර්ශනය කරන ලෙස ලක් රජයට බල කරන්නැයි ක්ෂමා ආයතනය එහි සාමාජික රටවලින් ඉල්ලීමක් ද කළා.

මේ අතර, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු උදෙසා සිදුකෙරෙන විදේශීය බලපෑම් ප්‍රතිඵලදායක නොවන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ඇතැම් විට මෙරට සමාජයේ සංහිඳියාවක් ඇති කරන බව පවසමින් එම බලපෑම් සිදුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපාය අධ්‍යයනයන් පිළිබද ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ ඊයේ (29) පැවැති සංවාදයකට එක්වෙමින් අමාත්‍ය ජී.එල්. පීරිස් මේ බව ප්‍රකාශ කළා. මෙම සංවාදය පැවැත්වුණේ මෙරට සමාජ අන්තර්ග්‍රහණය පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සඳහා වන සාකච්ඡා මාලාවක සමාරම්භක අවස්ථාව ලෙසයි.

rn

[MP3]s58079[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More