කම්කරු දිනයට සියල්ල සූදානම්.කොළඹ මැයි රැළි 20 ක්. පෙළපාලි 17 ක්.

Tuesday, 30 April 2013 - 18:49

%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92+20+%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+17+%E0%B6%9A%E0%B7%8A.

හෙටට යෙදී තිබෙන ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ ඇතුලූ සංවිධාන ගණනාවක් මේ වනවිටත් සියලූ කටයුතු සූදානම් කර අවසන්. දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති  සංවිධාන කරන මැයි පෙළපාලි 17 ක් කොළඹ නගරයේ පැවැත්වෙනවා. කොළඹ පැවැත්වෙන මැයි රැළි ගණන 20 ක්. මැයි දින සැමරුම නිසා කොළඹ විශේෂ රථවාහන සැළැස්මක්ද ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා සහ ආරක්ෂාවට පොලිස් නිලධාරීන්  5000 ක් යොදවා තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුලූව මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ මැයි දින සැමරුම් උත්සව පවත්වන ආකාරය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය එහි ලේකම්වරුන්ගෙන් විමසීමක් කළා.

රට නගන මැයි රැල්ල තේමාව යටතේ, සිය මැයි දින පෙළපාලිය නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල අසලින් ආරම්භ වී කැම්බල් පිටිය දක්වා ගමන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම මැයි රැළිය පිළිබඳව පිළිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන.

[MP3]s58098_1[/MP3]                                        

එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි රැළිය සැමරීම සඳහා ප්‍රධාන වැඩසටහන් 3 ක් සංවිධානය කර තිබෙනවා. ඉන් පළමුවැන්න එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන අතර ඊට එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති රැසක නියෝජිතයින් සහභාගිවීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ විරෝධය සංවිධානය කරන මැයි රැළිය පැවැත්වෙන්නේ කුරුණෑගල - මාලිගාපිටියේදියි.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ යොවුන් වතු කම්කරු මැයි දින රැළිය පක්ෂ මහ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ බදුල්ලේදියි. එක්සත් ජාතික පක්ෂ මැයි දින වැඩසටහන් පිළිබඳව පැහැදිළි කරන පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක.

[MP3]s58098_2[/MP3]

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන මැයි දින පෙළපාලිය දෙහිවල එස්. ද එස් ජයසිංහ ක්‍රීඩාංගණයෙන් ආරම්භ වී කොළඹ - බී ආර් සී පිටිය දක්වා ගමන් කර එහි පැවැත්වෙන රැළියෙන් අවසන්වීමට නියමිතයි. ඒ පිළිබඳව පැහැදිළි කරන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.

[MP3]s58098_3[/MP3]                                              

සන්ධාන මැයි පෙළපාලිය නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල අසල සිට රැළිය පැවැත්වෙන කැම්බල් පිටිය දක්වා ගමන් කිරීමට නියමිතයි. මේ නිසා  හොර්ටන් මේට්ලන් ක්‍රසන්ට් හන්දිය, හෝර්ටන් - විජේරාම හන්දිය, හෝර්ටන් - කිංග්ස් හන්දිය, ඞී. එස්. විදුලි සංඥා හන්දිය, ඇල්විටිගල මාවත, බොරැල්ල මංසන්ධිය ඔස්සේ කැම්බල් පිටිය දක්වා මාර්ගය පෙරවරු 11 සිට තාවකාලිකව වසා තැබෙනු ඇති.

ජනතා විමුක්ති පෙරමුණු මැයි පෙළපාලිය හා රැළිය හේතුවෙන් එස්. ද එස් ජයසිංහ ක්‍රීඩංගණයේ සිට සරණංකර හන්දිය, පාමංකඩ පාලම, ස්ටෙෆර්ඞ් ඇවනිව්, කිරුළපන පාලම, හයිලෙවල් පාර, උද්‍යාන පාර, මායා වටරවුම ඔස්සේ බී. ආර්. සී. පිටිය දක්වා මාර්ගද හෙට පෙරවරු 11 සිට තාවකාලිකව වසා දැමෙනවා.
 
ජාතික නිදහස් පෙරමුණු මැයි රැළිය හේතුවෙන් මාලිගාවත්ත පී. ඞී. සිරිසේන ක්‍රීඩාංගණය අවට මාර්ග කිහිපයක් වසා දැමෙන අතර ප්‍රේමදාස ගුණ සමරුව හේතුවෙන් අලූත්කඬේ ප්‍රේමදාස පිළිරුව ආසන්නයේ අවට මාර්ග කිහිපයක්ද හෙට පෙරවරුවේ තාවකාලිකව වසා තැබෙන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.



වැසිකිළි වලකට වැටී පාසල් දැරියක් ජීවිතක්ෂයට
Sunday, 31 May 2020 - 16:04

වැසිකිළි වලකට වැටීමෙන් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙලස... Read More

රාත්‍රී ආහාරය ප්‍රමාද වූවැයි සොහොයුරියට, මස්සිනාට සහ දරුවාට පහරදුන් පුද්ගලයෙකු රිමාන්ඩ්
Sunday, 31 May 2020 - 15:53

රාත්‍රී ආහාරය ප්‍රමාද වීම නිසා යාබද නිවසේ පදිංචිව සිටි තම... Read More

තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහර නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත
Sunday, 31 May 2020 - 15:02

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය... Read More