උපයෝගීතා කොමිසමට විදුලි බල මණ්ඩලයෙන් මිලියන 90 ක්.

Tuesday, 30 April 2013 - 19:00

%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+90+%E0%B6%9A%E0%B7%8A.

මහජන උපයෝගීතා කොමිෂම් සභාව රටේ මහ ජනතාව මත බර පටවන ආයතනයක් බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය අද ප්‍රකාශ කළා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති නන්දික පතිරගේ කියා සිටියේ විදුලි බල මණ්ඩලය වාර්ෂික බලපත්‍රය වෙනුවෙන් උපයෝගීතා කොමිසම වෙත රුපියල් මිලියන 90 ක  මුදලක් ලබාදෙන බවයි.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩල විදුලි ඉංජිනේරු සංගමය දැඩි අප්‍රසාදයක් පළ කරනවා. අද (30) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එහි සභාපති නන්දික පතිරගේ ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසයි.

[MP3]s58099_1[/MP3]                                     

විදුලි ඉංජිනේරු සංගමය එල්ල කරන මෙම චෝදනාව පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කරුණු විමසුවේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනාධිපති නීතීඥ ජයතිස්ස ද කොස්තාගෙන්.

[MP3]s58099_2[/MP3]                                         

විදුලි බිල වැඩිකිරීමට අනුමැතිය ලබාදීමත් සමග මහජන උපයෝගීතා කොමිෂන් සභාවට එරෙහිව විවිධ පාර්ශව විරෝධය දක්වනු ලැබුවා. මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අදත් ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා. අනුරාධපුරය මධ්‍යම නුවර ගම් පළාත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රී අනුර බණ්ඩාර අමුඩයකින් සැරසී පන්දමක් දල්වාගෙන අද ප්‍රාදේශීය සභාවට පැමිණියේ ඊට විරෝධය පළ කිරීමටයි. මහරගම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ද අද පෙරවරුවේ විදුලි බිල වැඩිකිරීමට එරෙහිව විරෝධතාවයක නිරතවුණා. ගාල්ල - හබරාදූව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු අද විරෝධතාවයක නිරතවුණේ කළු පැහැති ඇඳුමින් සැරසී ලන්තෑරුම් දල්වමින්. රිදීගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ද අද විදුලි බිල වැඩිකිරීමට විරෝධය පළ කරමින් සභා වාරය වර්ජනය කළා.

කෙසේ වෙතත් කැළණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් අද විදුලි බිල වැඩිකිරීමට එරෙහිව සංවිධානය කර තිබූ විරෝධතාවයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ද එම පක්ෂයට පැමිණ අදහස් දැක්වීමත් සමග මෙවැනි තත්ත්වයක් මතුවුණා.

[MP3]s58099_3[/MP3]                               

මේ අතර ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විදුලි බිල වැඩිකිරීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා ව්‍යාපාරයක් අද ආරම්භ කළේ කොළඹ - කොටුව දුම්රියපළ ඉදිරිපිටින්. එහිදී අදහස් දැක්වූ එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් කමිටු සාමාජික වසන්ත සමරසිංහ.

[MP3]s58099_4[/MP3]                                

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීද විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න යොමු කළා. එහිදී ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා සහ මෛත්‍රීපාල සිරිසේන යන අමාත්‍යවරුන් මෙලෙස අදහස් දැක්වූවා.

[MP3]s58099_5[/MP3]                                          

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය කොළඹදී අද පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි මහ ලේකම් තිස්ස අත්තනායක, ආණ්ඩුවට මෙලෙස චෝදනා කළා.

[MP3]s58099_6[/MP3]      



UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More