විශාලතම රාජ්‍ය මූල්‍ය වංචාවේ වැරදිකරුවන්ට දඬුවම්.

Tuesday, 30 April 2013 - 19:02

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A.

රුපියල් බිලියන 3.9 ක වැට් බදු වංචාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු  නියෝජ්‍ය කොමසාරිස් ඒ.ඩබ්ලිව්. අබේපිටියට අද සිර දඬුවම් නියමවුණා. කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිතව මාස 14 ක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ 5 ක දඩයක් ඔහුට නියම කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ. කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ හමුවේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදියි මෙම නියෝගය නිකුත් කළේ. අදාළ චෝදනාවට වරද පිළිගත් එම නඩුවට අදාළ 11 වැනි විත්තිකරු වන ව්‍යාපාරික එස්. අෂ්රොෆ්ට මාස 11 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළ අතර රුපියල් මිලියන 60 ක දඩයක්ද නියම කළා. දඩය නොගෙවන්නේ නම් රහස් පොලීසිය භාරයේ තිබෙන ඔහුගේ දේපළ රාජසන්තක කොට දඩය පියවගන්නා ලෙස නියෝග කළා.  
 
2002 වසරේ නොවැම්බර් මස 15 වැනිදා සිට 2004 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා දක්වා කාල සීමාව තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ සිදුවූ බිලියන 3.9 ක වැට් බදු වංචාව සම්බන්ධයෙන් පුද්ගලයන් 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරනු ලැබුවා. මෙය මෙරට සිදුවූ විශාලතම රාජ්‍ය මූල්‍ය වංචාව ලෙසද සැළකෙනවා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More