ශ්‍රී ලංකාව මිනිස් ජාවාරමේ ප්‍රධාන තෝතැන්නක්. - ප්‍රතිභා මහානාමහේවා.

Wednesday, 01 May 2013 - 7:32

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9D%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%80%E0%B7%8F.

ශ්‍රී ලංකාව මිනිස් ජාවාරමේ ප්‍රධාන තැනක් බවට පත්වී ඇති බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (30) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් සිදුවන මිනිස් ජාවාරම ජාත්‍යන්තරයේ මේ වනවිට සාකච්ඡාවට බදුන්වන මාතෘකාවක් වී ඇති බවයි.

rn

[MP3]s58112[/MP3]

rn


ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් රැසක්  ඕස්ට්‍රේලියාවට යවන මුවාවෙන් සිදුකරන මිනිස් ජාවාරමේ ගොදුරක් බවට පත්වී ඇති බව ඉන්දීය රජය පවසනවා. ඒ අනුව පසුගිය 2010 වර්ෂයේ සිට එවන් පුද්ගලයින් 1100 කට අධික සංඛ්‍යාවක් එරට ආරක්ෂක අංශ මගින් විටින් විට අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය ආර්.පී.එන්. සිං පවසන්නේ. ඉන්දීය ලෝක් සභාව අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් ලැබුණු වාර්තාවලට අනුව මෙය තහවුරු වන බවයි. තමිල්නාඩු ප්‍රාන්ත රජය ආරක්ෂක අංශවලට මෙම ව්‍යසනය නැවැත්වීම සඳහා පියවර ගන්නා ලෙසද දැනුම්දී ඇති බවයි ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ.



ලොව පුරා කොරෝනා ආසාදිතයින් පනස් අට ලක්ෂය ඉක්මවයි
Thursday, 28 May 2020 - 19:37

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට පනස් අට ලක්ෂ 13,289 දක්වා... Read More

එජාපය සහ සමගි බලවේගය හෙට වෙන වෙනම රැස්වේ
Thursday, 28 May 2020 - 19:29

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙට දිනයේදී වෙන වෙනම... Read More

කුවේටයෙන් පැමිණි 466 න් 321 කට කොරෝනා - අදත් මේ දක්වා ආසාදිතයින් 34 ක්
Thursday, 28 May 2020 - 19:18

ආසාදිතයින් 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ මෙරටදී... Read More