ශ්‍රී ලංකාවට නව ඉන්දීය මහ කොමසාරිස්වරයෙක්.

Wednesday, 01 May 2013 - 12:52

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.



ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස වයි.කේ.සින්හා පත් කිරීමට නියමිත බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රින්දර් සිං අවධාරණය කළේ ඉදිරි දින කිහිපය තුළ නව මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි. හිටපු මහ කොමසාරිස් අශෝක් කේ. කාන්තා ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාව පිළිබඳ ලේකම්වරයා ලෙස පත් කිරීමත් සමගයි මෙරට ඉන්දීය මහ කොමසාරිස් ධුරය පුරප්පාඩු වූයේ. නව මහ කොමසාරිස්වරයා ලෙස නම් කර ඇති වයි.කේ.සින්හා ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සේවයට එක්ව ඇත්තේ 1981 වසරේදීයි. 1995 වසරේ ඉස්ලාමාබාද් හි ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ඔහු 2003 වසරේ ඩුබායි හි කන්සියුලර් ජනරාල්වරයා ලෙස ද කටයුතු කර තිබෙනවා. මීට අමතරව ඔහු ආසියාතික රටවල් රැසක දුත මණ්ඩල සේවයෙහි කටයුතු කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.



වසර 9කට පසු ඇමරිකාව, මිනිසුන් සහිත උඩු ගුවන් චාරිකාවකට සූදානම්
Tuesday, 26 May 2020 - 11:28

කාලගුණයෙන් බාධාවක් ඇති නොවුණහොත් ඇමරිකාවේ මීළඟ අභ්‍යාවකාශ... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 26 May 2020 - 11:13

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

කොවිඩ් -19 ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 332 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 11:06

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More