පෙළපාලි බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙකු මරුට.

Wednesday, 01 May 2013 - 18:37

%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

නුවරඑළියේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින පෙළපාලියට සහභාගිවීමට යමින් සිටි දේශපාලන පක්ෂ ආධාරකරුවෙකු ආගරපතන ප්‍රදේශයේදී ඔහු ගමන් කළ බස් රථයෙන් ඇද වැටී ඊටම යටවීමෙන් අද ජීවිතක්ෂයට පත්වුණා. ඔහු ඩයගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්. බස් රථයේ වහලය මත සවිකර තිබූ කොඩියක් නිසි ලෙස සවිකිරීමට යාමේදීයි ඔහු බස් රථයෙන් ඇද වැටී එම බස් රථයටම යටවී ඇත්තේ. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වු පුද්ගලයාගේ මළ සිරුර ලිඳුල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ශ්‍රී ලාංකීය මැයි දින ඉතිහාසයේ මෙවැනි අසුන්දර මතක කිහිපයක් දැකිය හැකියි. ඉන් සුවිශේෂීම සිදුවීම වන්නේ 1993 මැයි පළමුවැනිදා මැයි පෙළපාලියට කම්කරුවන් සමඟ එක්ව සිටි එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමයි. වසර 20කට පෙර සිදුවූ එම සිදුවීම අදටත් ශ්‍රී ලංකාවේ සියලූ මැයිදින සැමරුම්වලදී මෙරට කම්කරු ජනතාවට අමතක කළ නොහැකියි.

1987 වසරේ මැයි දිනය ද ශ්‍රී ලංකාවේ කම්කරු ජනතාවට අමතක නොවන මැයිදින සැමරුමක්. එවකට පැවති ආණ්ඩුව සියලූ මැයිරැලි සහ පෙළපාලි තහනම් කළා. එම විරෝධය නොතකා නාරාහේන්පිට අභයාරාමයේදී මැයි රැලියක් සහ පෙළපාලියක් පැවැත්වීමට මව්බිම සුරැකීමේ ව්‍යාපාරය තීරණය කර තිබුණා. රැස්වීමෙන් අනතුරුව මැයිදින තහනමට විරෝධය පළ කළ අතර, ඊට ප්‍රතිචාර දැක්වුණේ කඳුලූ ගෑස්, රබර් උණ්ඩ සහ වෙඩි උණ්ඩවලින්. එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඉන් එක් අයෙකු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කාර්මික සහයකයෙකු වූ ලෙස්ලි ආනන්දයි. සිද්ධියේදී තුවාල ලබා මියගිය කිත්සිරි මෙවන් රණවක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ සිසුවෙක්.
 
මේ අතර, මැයි දින සැමරුමකදී අවාසනාවන්ත ලෙස එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මියගිය දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසගේ 20 වන ගුණ සමරු උළෙල අද කොළඹ අලූත්කඬේ ප්‍රේමදාස පිළිරුව අසලදී පැවැත්වුණා.



ලොව පුරා කොවිඩ් මරණ තුන්ලක්ෂ අනූ නවදහසට ආසන්න වෙයි
Saturday, 06 June 2020 - 6:59

ලොවපුරා කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6,843,840ක් දක්වා ඉහළ ගොස්... Read More

ගෙවත්තේ ගංජා වගා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 6:49

කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේදී ගෙවත්තක ගංජා වගා කර... Read More

දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය ඉවතට
Saturday, 06 June 2020 - 6:19

සමස්ත දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය අද (06) අලුයම 4.00ට ඉවත් කෙරුණා.අද... Read More