විපක්ෂය අදත් සහන ඉල්ලයි.

Wednesday, 01 May 2013 - 18:42

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ විරෝධය විසින් සංවිධානය කළ මැයි දින රැළිය කුරුණෑගල - මාලිගාපිටියේදී පැවැත්වුණේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා ජනතාවට සහන ලබාදෙන ලෙසට ආණ්ඩුවට බලකර සිටියේ විදුලි බිල ගැනද සිහිපත් කරමින්.

[MP3]s58149_1[/MP3]

ජනතා පෙරමුණේ මැයි දින රැලිය කොළඹ බී.ආර්.සී ක්‍රීඩාංගනයේදී මේ වනවිටත් පැවැත්වෙනවා. මැයි රැලිය අමතමින් අදහස් දැක්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඞී. ලාල්කාන්ත.

[MP3]s58149_2[/MP3]

සමාජවාදී ජීවිතයක් යන තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය මැයි රැලිය පැවැත්වුවේ කොටහේන - රත්නම් ක්‍රීඩාංගනයේදීයි. එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සේනාධීර ගුණතිලක කියා සිටියේ සමාජවාදී අරගලය දූපත් මානසිකත්වයෙන් ඉවතට රැගෙන යාමේ කාලය එළඹ ඇති බවයි.

[MP3]s58149_3[/MP3]

මේ අතර, වතුකරය නියෝජනය කරන දේශපාලන පක්ෂ ද මැයි දිනය සැමරීම සඳහා මැයි රැලි සංවිධානය කර තිබුණා. ලංකා කම්කරු කොංග්‍රසය සිය මැයි රැලිය නුවරඑළිය නගර මධ්‍යයේදී අද පවත්වනු ලැබුවේ එහි නායක අමාත්‍ය ආරුමුගම් තොන්ඩමාන්ගේ ප්‍රධානත්වයෙන්. ඊට අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද එක්ව සිටියා. එම මැයි රැලිය අමතමින්, අදහස් දැක්වූ කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොන්ඩමාන්.   

[MP3]s58149_4[/MP3]

පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරම් නායකත්වය දරණ ජාතික කම්කරු සංගමය ද මෙවර මැයිදින රැලියක් සංවිධානය කර තිබුණා. තලවකැලේ නගර මධ්‍යයේ පැවති එම රැලියට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ ජාතික කම්කරු සංගමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරම්.

[MP3]s58149_5[/MP3]

මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ මැයි රැලිය මෙවර පැවැත්වුණේ මන්නාරම නගර මධ්‍යයේදීයි. ඊට එම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් එක්ව සිටි අතර, එහිදී අදහස් දැක්වූ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩික්කලනාදන්.

[MP3]s58149_6[/MP3]



ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More