මැයි රැළි වෙනුවෙන් කොළඹට මහ සෙනඟක්.

Wednesday, 01 May 2013 - 19:28

%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B6%9F%E0%B6%9A%E0%B7%8A.

අදට යෙදුණු  ලෝක කම්කරු දිනය නිමිත්තෙන් විවිධ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සහ බහුජන සංවිධාන කොළඹ නගරයේ මැයි රැළි 20 ක් සංවිධාන කර තිබුණා. මැයි පෙළපාලි 17ක් පැවති අතර මාර්ග රැසක් ඒ හේතුවෙන් තාවකාලිකව වසා දැමුණා.

රට නගන මැයි රැල්ල යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය සංවිධානය කර තිබුණේ බොරැල්ල - කැම්බල් පිටියේදියි. ඒ,  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඔවුන්ගේ මැයි දින පෙළපාලිය කොළඹ 07 නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල අසලින් ආරම්භ වූ අතර, එය කැම්බල් පිටියට පැමිණියේ ආනන්ද කුමාරස්වාමි මාවත, හෝර්ට්න් පෙදෙස, ඞී.එස්.හන්දිය බේස්ලයින් පාර හරහා බොරැල්ල මංසන්ධිය පසුකරමින්. මැයි පෙළපාලියේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

ඊට අමතරව ශ්‍රී ලංකා මහජන පක්ෂය මරදාන, වයිට් පිටියෙන් සිය මැයි පෙළපාලිය ආරම්භ කර බොරැල්ල මංසන්ධියේදී සන්ධාන පෙළපාලියට එක්වූ අතර, මහජන එක්සත් පෙරමුණ ද ආයුර්වේද හන්දියෙන් ආරම්භ කළ සිය පෙළපාලිය ඞී.එස්.සේනානායක මංසන්ධියේදී සන්ධාන මැයි රැලියට එක් කළා.

එක්සත් ජාතික පක්ෂය මැයි රැළි දෙකක් මෙවර සංවිධාන කර තිබුණා. විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් සහභාගී වන මැයි රැළිය කුරුණෑගල නගරයේදී ආරම්භ වුණේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. ජාතික යොවුන් පෙරමුණේ මැයි රැළිය බදුල්ලේදී සංවිධානය කර තිබුණා. එසේම, එහි වෘත්තීය සමිතිවල ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ද අද මැයි දින සැමරුමක් පැවැත්වුණා.

ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණේ එම පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහගේ ප්‍රධානත්වයෙන්. මෙවර එහි තේමාව අධිරාජ්‍යවාදයට සහ ජනතාව පෙළන පාලනයට එරෙහිව සමාජවාදය යන්නයි. දෙහිවල එස්.ද.එස්. ජයසිංහ ක්‍රීඩාංගනයෙන් ආරම්භ වූ ඔවුන්ගේ මැයි පෙළපාලිය බී.ආර්.සී. ක්‍රීඩාංගනයට ළඟාවුණේ පාමංකඩ, කිරුළපන සහ හයිලෙවල් පාර පසුකරමින්.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ මෙවර වෙනම මැයි රැලියක් සංවිධානය කර තිබුණේ මාලිගාවත්ත පී.ඞී. සිරිසේන ක්‍රීඩාංගනයේදීයි. නව ඊලාම් මෙහෙයුම පරදවමු වැඩකරන ජනතා බලය පුබුදුවමු. යන්න එහි තේමාවයි. ඔවුන්ගේ මැයි පෙළපාලිය දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ක්‍රීඩාපිටිය අසලින් ආරම්භ වුණා.

සමාජවාදී ජීවිතයක් යන තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයද මැයි දින රැලියක් සහ පෙළපාලියක් සංවිධාන කර තිබුණා. ඔරුගොඩවත්ත - නවම්පුර ක්‍රීඩාංගනයෙන් ආරම්භ වූ ඔවුන්ගේ මැයි දින පෙළපාලිය කොටහේන රත්නම් ක්‍රීඩාංගනය වෙත පැමිණීමෙන් අනතුරුවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය ආරම්භ වුණේ. සරත් ෆොන්සේකා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද මෙවර පළමුවරට මැයි දින රැලියක් සංවිධාන කර තිබුණේ බත්තරමුල්ල - පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගනයේදීයි.

මීට අමතරව, එක්සත් සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය කොළඹ - කොස්ගස් හන්දියේදී පැවැත්වුණා. නව සමසමාජ පක්ෂය සිය මැයි දින රැලිය පවත්වනු ලැබුවේ ප්‍රයිස් පිටියේදීයි. ලංකා සමසමාජ පක්ෂය සහ සමාජවාදී ජනතා පෙරමුණ සිය මැයි රැලිය කිරුළපන නාගරික ක්‍රීඩාංගනයේදී සංවිධානය කර තිබුණා.

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය නගර මධ්‍යයේ සිය මැයි රැලිය සංවිධානය කර තිබූ අතර, කම්කරු ජාතික පෙරමුණ තලවකැලේ බස් නැවතුම්පොල අසල මැයි රැලිය පවත්වනු ලැබුවා. කඳුරට ජනතා පෙරමුණේ මැයි රැලිය ලිඳුල ටී.ආර්.සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.  ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මැයි දින රැලිය යාපනය නගර සභා පිටියේයි පැවැත්වුණේ.

මෙවර මැයි දිනය සමරමින් වෘත්තීය සමිති මහා සම්මේලනය සහ ලංකා බැංකු සේවක සංගමය මැයිදින රැලියක් පැවැත්වුවේ හයිඞ්පිටියේදීයි. නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමයේ මැයි දින රැලිය දෙමටගොඩ ෆයිස් මංසිල් ශාලාවේදී පැවැත්වුණා.

rn

[JPG]s58153_1[/JPG]

rn

[JPG]s58153_2[/JPG]

rn

[JPG]s58153_3[/JPG]

rn

[JPG]s58153_4[/JPG]

rn

[JPG]s58153_5[/JPG]

rn

[JPG]s58153_6[/JPG]

rn

[JPG]s58153_7[/JPG]



ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇරඹේ
Tuesday, 02 June 2020 - 15:42

ඡන්ද පත්‍රිකා අද (02) සිට මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය... Read More

ඡන්ද දිනය, හෙට මැතිවරණ කොමිසමේ සාකච්ඡාවකින් පසු
Tuesday, 02 June 2020 - 15:39

මහ මැතිවරණය පැවැත්වෙන දිනය, හෙට පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී... Read More

ඡන්දය ගැන පෙත්සම්, විභාගයට අවසර නොදී ප්‍රතික්ෂේප කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 15:17

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ යෝජිත... Read More