ඉන්ෆ්ලූවෙන්සා රෝගය ගැන උපදෙස් මාලාවක්.

Thursday, 02 May 2013 - 18:51

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

කැස්ස, උණ, සොටු දියර ගැලීම, ඇඟපත වේදනාව, හිසරදය වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් නව ඉන්ෆ්ලූවෙන්සා ඒ.එච්.වන්.එන්.වන්. රෝගය වැළඳී ඇත්දැයි පරීක්ෂා කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ගැබිණි මව්වරුන්, කුඩා දරුවන්, නිධන්ගත රෝගවලින් පෙළෙන්නන් සහ වයස අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටියන් හඳුනාගෙන ඇත්තේ මෙම රෝගය සම්බන්ධයෙන් අවදානම් පාර්ශව ලෙසයි.

ගැබිණි මව්වරුන් දරු ප්‍රසූතියට ආසන්න වනවිට ඔවුන්ගේ ප්‍රතිශක්තිය අඩුවන බැවින් මෙම වෛරසය මගින් බරපතල සංකූලතා ඇතිවිය හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා. මීට අමතරව පාසල් යන වයසේ පසුවන දරුවන්ට මෙම රෝග ලක්ෂණ තිබේ නම් ඔවුන් පාසල් නොයවා ඇඳ විවේකය ලබාදීම වැදගත්. මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල.

[MP3]s58208[/MP3]

මේ වනවිටත් කාසල් වීදියේ කාන්තා රෝහලේ නව ඉන්ෆ්ලූවෙන්සා ඒ.එච්.වන්.එන්.වන්. වැළඳුණු ගැබිණි මව්වරුන් 08 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, ද සොයිසා කාන්තා රෝහලේද මෙම රෝගය හේතුවෙන් එක් ගැබිණි මවක් ප්‍රතිකාර ලබනවා.



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More