භාෂා දෙකෙන් හැඳුනුම්පත ලබාදීම ගැන සොයා බලනවා - නීතිපති.

Thursday, 02 May 2013 - 19:16

%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.



ජාතික හැඳුනුම්පතට සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම විස්තර ඇතුළත් කිරීමේ හැකියාව සොයා බලමින් සිටින බව නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මේ බව කියා සිටියේ ජාතික හැඳුනුම්පත සිංහලෙන් සහ දෙමළෙන් නිකුත් කරන ලෙස ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් වැඩිදුර විභාගයට ගත් අවස්ථාවේදීයි. මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් ඉදිරිපත් කර තිබූ එම පෙත්සමෙන් ඔහු පෙන්වා දී තිබුණේ ජාතික හැඳුනුම්පත සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම ජනතාවට නිකුත් කළ යුතු ලියවිල්ලක් බවයි. තමන්, සිංහල භාෂාවෙන් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත රැගෙන සිංහල නොදත් ජනතාව වෙසෙන උතුරු සහ නැගෙනහිර පළාත්වලට ගිය අවස්ථාවේදී දැඩි අපහසුතාවයන්ට ලක්වීමට සිදුවූ බව ඔහු පෙත්සමෙන් පෙන්වා දී තිබුණා. සිංහල සහ දෙමළ යන භාෂා දෙකම ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පරිපාලන භාෂා ලෙස ව්‍යවස්ථාවෙන් පිළිගෙන තිබියදී උපන් රටේදීම මෙවැනි අපහසුතාවයන්ට ලක්වීම කණගාටුවට කරුණක් බවයි පෙත්සම්කරු සිය පෙත්සමේ වැඩිදුරටත් දක්වා තිබුණේ. අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙය සලකා බැලූණු අතර, පෙත්සම තවදුරටත් සලකා බැලීම ලබන ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබුණා.



කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 15ක් සුවය ලබයි
Saturday, 30 May 2020 - 11:51

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නාවික හමුදාවේ තවත් පහළොස් දෙනෙකු... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Saturday, 30 May 2020 - 11:01

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ සයිබර් ප්‍රහාරයෙන් අක්‍රිය වූ වෙබ් අඩවි ප්‍රකෘතිමත් කිරීමට පියවර
Saturday, 30 May 2020 - 10:55

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් අඩපණ වී ඇති රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ... Read More