ඇන්ජලෝ මැතිව්ස් පූනේ නායකත්වයෙන් ඉවතට.

Friday, 03 May 2013 - 8:14

%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%BD%E0%B7%9D+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.



මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී පූනේ වොරියස් කණ්ඩායමේ නායකත්වය දැරූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් එම ධුරයෙන් ඉවත්වන බව ඊයේ ප්‍රකාශ කළා. තරගාවලිය ආරම්භයේදී තරග කිහිපයක් පමණක් මෙහෙයවූ මැතිව්ස් දස්කම් දැක්වීමට අපොහොසත්වීම හේතුවෙන් ඉන් පසු පැවති තරග සඳහා යොදා ගත්තේ නැහැ.  ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ආරොන් ෆින්ච් එහිදී නායකත්වය හෙබවූ අතර මැතිව්ස් දැන් තීරණය කර ඇත්තේ ඔහුටම නායකත්වය පැවරීමටයි. කෙසේ නමුත්, පූනේ වොරියස් කණ්ඩායම මෙතෙක් පැවති අයි.පී.එල් තරගවලදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූයේ නැහැ. තරඟ 11කදී ජයග්‍රහණ දෙකක් පමණක් ලැබූ ඔවුන් සිටින්නේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ. නායකත්වයෙන් ඉවත් වූ මැතිව්ස් බැංගලෝර් පිල සමග ඊයේ පැවති තරගය සඳහා පූනේ පිලට ඇතුළත් වූයේ සාමාන්‍ය ක්‍රීඩකයෙකු ලෙසයි. එහිදී ඔහු පන්දු 19කදී 6 පහර 3 ක් සමග ලකුණු 32 ක් රැස් කළ ද පූනේ පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූයේ නැහැ. බැංගලෝර් පිල කඩුලූ 3 ක් දැවී ලබා ගත් ලකුණු 187 ට පිළිතුරු ලෙස පූනේ පිල කඩුලූ 9 ක් දැවී ලබා ගත්තේ ලකුණු 170 ක් පමණයි.



කොවිඩ් -19 ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 332 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 11:06

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

තවත් PCR පරීක්ෂණ 1347ක්
Tuesday, 26 May 2020 - 10:41

මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 56 දහස ඉක්මවා ගොස්... Read More

දෙවන කොරෝනා රැල්ලක අවදානමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි
Tuesday, 26 May 2020 - 10:27

කොරෝනා වෛරස් ආසාදනය අඩුවෙමින් පවත්නා රටවල වෛරසයේ ව්‍යාප්තිය... Read More